වතුකරයේ වෘත්තීය සමිති නායක ගුණසිංහ සූරියප්පෙරුම දිවිසැරිය නිමා කරයි

Date:

ශ්‍රි ලංකා මහඡන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියදෙනවිට වයස අවුරුදු 77 කි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය ආසනයේ හිටපු සංවිධායකවරයකු වන ඔහු කඳපොල මහින්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ගුණසිංහ සුරියප්පෙරුම මහතා තරුණයකුව සිටියදී, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. විලියම් ප්‍රනාන්දු මහතා සමග දේශපාලනයට පිවිසි අතර දිවංගත විජය කුමාරණතුංග මහතා සමග මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමී වූවෙකි.

88/ 89 භීෂණ සමයේදී තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මුදා ගැනීමට කටයුතු කල මොහු එකල එජාප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව ප්‍රථම උද්ඝෝෂණ රැලිය නුවරඑළියේදී සංවිධාන කළේය.

මධ්‍යම පලාත් සභා මන්ත්‍රිවරයකු හා නුවරඑලිය මහා නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ද ඔහු නුවරඑළිය ප්‍රදේශයට විශාල සේවයකර ඇති සමාජ සේවකයෙකි.

ගුණසිංහ සූරියප්පෙරුම මහතා, බැංකු කිහිපයකම විධායක තනතුරු හා රාජ්‍ය ආයතන කිහිපයකම වගකීම් දරා ඇති ප්‍රකට සමාජ ක්‍රියාකාරික සේන සුරියප්පෙරුම ගේ වැඩිමල් සොයුරාය.

ගුණසිංහ සූරියප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුලත සිදුකිරීමට පවුලේ ඥාතීන් තීන්දු කර ඇති අතර ඒ අනුව ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (30) සවස 4 ට නුවරඑලිය නාගරික සුසාන භූමියේදි සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...