උද්ධමනය 25% මට්ටමට !

Date:

සැලකිය යුතු කාලයකට පෙර සිටම අප කීයූ පරිදි කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේදී 25.2% දක්වා පහත වැටී තිබෙනවා. ආහාර උද්ධමනය 21.5% දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන උද්ධමනය 27.0% දක්වා අඩු වී තිබෙනවා.

මෙය මහ බැංකුවට අලුත් අධිපතිවරයෙකු පත් කරන්නට සිදු වුනු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පැවති 29.8% අගයටද වඩා අඩු අගයක්. අපගේ ඇස්තමේන්තුව වනුයේ ඉදිරි මාසයේදී මෙම අගය 12% මට්ටම ආසන්නයට පහත වැටී ජූලි මාසයේදී තනි අංකයකට පැමිණෙනු ඇති බවයි.

මේ වන විට පැහැදිලි ලෙසම පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමනයට වඩා ඉහළිනුයි. එමෙන්ම, ඉල්ලුම් පීඩන පහත යාම හා ඩොලර් ප්‍රවාහ රටට ගලා ඒම හමුවේ ප්‍රධාන වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිලද රුපියල් 300 සීමාවෙන් පහතට වැටී ඇති අතර ගැනුම් මිල රුපියල් 285 වැනි මට්ටමකට පහත වැටී තිබෙනවා. මෙම තත්ත්වයට මහ බැංකුව කෙලෙස ප්‍රතිචාර දක්වනු ඇත්දැයි හෙට බලාගන්න පුළුවන්.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...