ලොව ධනවත්ම පුද්ගලයා ටෙස්ලා සමාගමේ ප්‍රධානී Elon Musk  බව Bloomberg වෙබ් අඩවිය පවසයි .

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   Bloomberg වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව, ලොව ධනවත්ම පුද්ගලයා බවට ටෙස්ලා සමාගමේ ප්‍රධානී Elon Musk යළිත් වරක් පත් වී තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි Elon Musk අභිබවා යමින් Bernard Arnault පසුගිය දෙසැම්බර් මාසයේදී පළමු ස්ථානයට පත්ව සිටි නමුත් , නවතම ලැයිස්තුවට අනුව පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රකට ව්‍යාපාරික Bernard Arnault දෙවන ස්ථානයට පත් කරමින් Elon Musk පළමු ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

Bloomberg වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ
Elon Musk ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් ලෙසයි .

Bernard Arnault ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 186.6ක් ලෙසයි දැක්වෙන්නේ.

එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට Jeff Bezos පත්ව ඇත .

Bill Gates සිව්වන ස්ථානයට පත්ව සිටිනවා.

Facebook ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව සිටී.

Mukesh Ambani එහි 13 වන ස්ථානයටත් පත්ව ඇති බවයි  Bloomberg වෙබ් අඩවිය මගින් වාර්තා කර සිටින්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...