විකාශන අධිකාරී පනතෙන් මාධ්‍ය නිදහස් අහිමි වෙන්නේ නැහැ – සුසිල්

Date:

කොළඹ LNW:විකාශන අධිකාරී පනතක් ගෙන ආ පමණින් මාධ්‍ය නිදහස නැති වෙන බව පිළිගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.

ඒ, අද (02) කොළඹ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍ය නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම හොඳ දෙයක් බවයි අමාත්‍යවරයා සිටියේ.

එමඟින් බදු දැල පුළුල් වන බවත් බදු ලිපි ගොණුවක් විවෘත කළ පමණින් සියලු දෙන බදු ගෙවීමේ අවශ්‍යතාවක් ඉන් නොකියවෙන බවත් හෙතෙම සඳහන් .

මෙලෙස ක්‍රියා නොකළහොත් හැමදාමත් බදු ගෙවන පිරිසෙන් තවදුරටත් බදු වැඩියෙන් අයකර ගැනීමට සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...