රත්‍රං සබ්‍රිට නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවුණේ ඇයි ? – විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි (VIDEO)

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රි සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කිරීමට සියලුම මන්ත්‍රීන් බැදී සිටින බවත් ඒ සම්බන්ධයෙන් වගන්ති ගණනාවක් ඇති නමුත් මෙම වගන්ති උල්ලංඝනය කරමින් පසුගිය දා නීතිවිරෝධි රත්රං ඇතුළු භාණ්ඩ සමඟ ගුවන්තොටුපොලේ දී හසුවූ පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රී රහීම් මන්ත්‍රිවරයාට හරිහැටි නීතිය ක්‍රියාත්මක නොවූයේ කුමන හේතුවක් නිසාද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

රත්තරං කිලෝ 4.611ක් (මිලියන 80ක) ගෙන ආ පුද්ගලයකුට රුපියල් මිලියන 70ක් දඩ ගසා ඇති බවත් එය ගෙවා ගැනීමට නොහැකිව ඔහු රිමාන්ඩ් කලත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් ලක්ෂ 740ක් වටිනා රත්තරං සහ ජංගම දුරකථන ගෙනවිත් හසු වූ පසු ඔහුට ගැසූ දඩය වන්නේ මිලියන 7.5ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අරගලයේ ප්‍රතිඵලය මෙය ද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අවමානයට ලක් කරමින් සිදු කළ මේ ක්‍රියාව තරයේ හෙලා දකින බවත් ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන්න කියා යෝජනා කළ බවත් පැවසීය.

රටේ පුරවැසියකුට එක සැලකිල්ලක් සහ මන්ත්‍රීවරයකුට තවත් සැලකිල්ලක් ක්‍රියාත්මක කිරීම සිස්ටම් චේන්ජ් එක ද කියා ප්‍රශ්න කර බවත් මේකට හේතුව කුමක්ද? කියා ප්‍රශ්න කර සිටින බවත් මේ පිටුපස සිටින අදිසි හස්තය කුමක්ද? කියා අසන බවත් මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථාන පාර්ලිමේන්තුව...

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...