ලංකාවේ නොම්මරේ එකේ ස්ටෑන්ඩ් අප් කොමඩි කරන්නේ රනිල් වික්‍රමසිංහ – ඩිලාන් කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිදහස ජනතා සභාව මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ , ආණ්ඩුවට කඩේයන්නේ නැති මාධ්‍ය ආයතන බය කර ගැනීමට විකාශණ අධිකාරී පනත පෙන්නමින්  රජය උත්සාහ කරන බවත් , ඒ සඳහා  ඔවුන් විරුද්ධ බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ,

මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බා නම් 50% ක් කවුරුත් ගන්නේ නෑ කියලා පසුගියදා ජනාධිපති කිව්වා. ඒක කියන ස්ථානයේ අධිකරණ විනිශ්චයකාරවරුන් සිටියා.
ජනාධිපතිතුමා ඒ වගේ දෙයක් එම ස්ථානයේ කිව්වේ කුමක් නිසාද යන්න ගැටලුවක්. ජනාධිපති විසින් අනියම් ලෙස සිදු කලේ විනිශ්චයකාරවරුන්ට බලපෑමක් ද කියලා ගැටලුවක් තිබෙනවා.

පලාත් පාලන මැතිවරණය පවත්වනවා කියලා ආණ්ඩුව විසින් විපක්ෂය බෙදුවා.දැන් ඒ කාරණය විපක්ෂය විසින් තේරුම්ගෙන තිබෙනවා. එන්නේ ජනාධිපති වරණය නම්.විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි.මැතිවරණය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න අපි සූදානම්.එන්නේ ජනාධිපතිවරණයක් නම් පොදු අපේක්ෂකයෙක් ගේන්න ඕනෑම කැපකිරීමක් කරන්න අපි සූදානම්

පොදු අපේක්ෂකයෙක් ගෙනාවොත් අපිට 60% ක් ගන්න පුලුවන්.විපක්ෂය බෙදන්න දරණ උත්සාහය පරාජය කල යුතුයි.රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නය වෙනතකට යොමු කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

විකාශණ අධිකාරී පනත් කෙටුම්පත ගෙනාවෙත් ඒ නිසයි.ජනතාවට ඇත්ත කියන මාධ්‍ය වල කටවහන්න උත්සාහ කරනවා.
රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික මාධ්‍ය ආයතන වලටත් ගේමක් දෙන්න තමයි මේ හදන්නේ. ආණ්ඩුවට කඩේයන්නේ නැති මාධ්‍ය ආයතන තිබෙනවා.මේ හදන්නේ මාධ්‍ය ආයතන බය කරන්නයි.විකාශණ අධිකාරී පනත පෙන්න පෙන්න පෞද්ගලික මාධ්‍ය ආයතන බය කරන්න උත්සාහ කිරීමට අපි විරුද්ධයි.

සමාජ ජාලා වල සමහර අය කරන වැඩ නිසා සමස්ථ මාධ්‍ය ආයතන සියල්ල ගැටලුවට පත් වෙලා.

ගජේන්ද්‍ර පොන්නම්බලම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.නමුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයෙක්ට නම් ඕක වෙන්නේ නෑ. ඩුබායි ඉදන් හොරෙන් රත්තරං අරං ආපු මන්ත්‍රී දඩෙත් ගෙවලා ඊට පහුවෙනිදාම පාර්ලිමේන්තු  ආවා.

ආණ්ඩුව, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට එක විදියකටත්,විරුද්ධ පක්ෂ මන්ත්‍රී වරුන්ට තව විදියකටත් ක්‍රියා කරනවා.

ලංකාවේ නොම්මරේ එකේ ස්ටෑන්ඩ් අප් කොමඩි කරන්නේ රනිල් වික්‍රමසිංහයි. රනිල් මහතා විසින් ජනාධිපතිවරණයක් ඉක්මනට ගේන්න අවශ්‍ය කටයුතු සූදානම් කරන බවක් අපිට පේනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...

අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම්...

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය...