ලොක්කන් රැසක් එකතු වුණු පොඩි මන්ත්‍රීගේ උත්සවය (Photos)

Date:

කොළඹ නගරසභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවය ඊයේ (08) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විජේදාස රාජපක්ෂ, ඩයනා ගමගේ, අරුන්දික ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද, විපක්ෂයේ රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, රංජන් රාමනායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද මීට සහභාගී වූහ.

එමෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබිණි.

මෙම විවාහ උත්සවයට සහභාගී වූ සමස්ත අමුත්තන් පිරිස 1000 කට ආසන්න බව සඳහන්.

කිත්සිරි රාජපක්ෂ යනු මරදාන, සුදුවැල්ල කොට්ඨාසය නියෝජනය කරමින් මරියාකඩේ පොඩි මිනිසුන් සමග බිම්මට්ටමේ දේශපාලනය කරන පොඩි මිනිහෙකි. ඔහු මෙතරම් හොඳින් මේ උත්සවය සංවිධානය කර තිබීම එහි පැමිණ සිටි කාගේත් ඇගයීමට ලක්ව තිබුණු අතර එක් ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු කිත්සිරිට විහිළුවට මෙන් කියා තිබුණේ “මෙච්චර හොඳට මේ උත්සවය කරපු එකේ ඔයාට ගෝල්ෆේස් පුරවන එක වුණත් ලේසි වැඩක් වෙයි නේද ?” කියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...