චීන ජාතිකයාට ආධාර කළ අය හොයන්න ඇමති ටිරාන්ගෙන් මෙහෙයුමක්

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයකු යළි චීනයට භාරදීමට ශ්‍රී ලංකාව පසුගිය 08 වනදා කටයුතු කර තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චීනයට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවකු වන මොහුව චීනයට භාරදීම සම්බන්ධයෙන් එරට රජය බෙහෙවින් ප්‍රසාදය පළකර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ ස්තූතියක් ද පිරිනමා ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

ගිනි රාජ්‍යයේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග ය. ඒ, කොළඹ ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට බව කියමිනි. ඔහු සතුව පැවතියේ ගිනි රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රයක් වීම නිසා සැක සිතූ ආගමන විමගන නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වීමට පටන් ගෙන තිබුණු අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය දැනුම් දී තිබුණේ ඔහුට චීන අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර ඇති බවයි.

කෙසේවෙතත් මේ අතරේ ඔහුව නිදහස් කරගැනීම සඳහා මෙරට සිටින ඔහුගේ චීන ජාතික හිතවතුන් ද උත්සාහ දරා තිබුණු එහිදී ඔවුන් තම ශ්‍රී ලාංකික හිතවතුන්ගේ උදව් පතා තිබිණි. ඒ අනුව ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පැමිණි හෙයින් ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය අමාත්‍යවරයකු විසින් ලිපියක් ඉදිරිපත් කර තිබුණු බවත් පසුගිය දිනවල වාර්තා වී තිබිණි.

නවතම තොරතුරුවලින් අනාවරණය වන ආකාරයට මෙම ලිපිය ඉදිරිපත් කිරීම සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් පුද්ගලයකු සම්බන්ධ වී ඇති අතර මෙහිදී රුපියල් ලක්ෂ 50ක ගනුදෙනුවක් සිදුව ඇති බවත් කියැවේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ලිපියෙන් චීන ජාතිකයා නිදහස් වුවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ සම්බන්ධයෙන් සොයාබලා නියෝග කර තිබුණේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසයි. ඔහුව චීනයටම යළි භාරදීමට කටයුතු සම්පාදනය වූයේ එයින් පසුව ය.

එසේම මේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කර, අදාළ චීන ජාතිකයාට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ද ලබාදී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. ඒ අනුව අදාළ චීන ජාතිකයා මෙරටට පැමිණි මොහොතේ සිට විවිධ ඩීල් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ස්ථානවල සීසීටීවී දර්ශන ද ලබාගෙන විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...