සැප්තැම්බරය වන විට IMF එකඟතා සම්පූර්ණ කිරීමට සූදානම් – සියඹලාපිටිය

Date:

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා 62න් මේ වන විට ඉටුකර ඇත්තේ එකඟතා 25ක් පමණ වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඇතැමුන් චෝදනා කළද ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් පත් කර ඇති බවත්, ඔවුන් සඳහන් කරන ආකාරයට ක්‍රියාකාරී සැලැස්ම කාලරාමුවත් සමඟ ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් සියඹලාපිටිය මහතා කියාසිටියි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට නිසි පරිදි ඉලක්ක වෙත ගමන් කළ හැකි බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...