සාරංගිට ප්‍රංශයේ දී තෙවන තැන

ප්‍රංශයේ ඇනසි හී ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මලල ක්‍රිඩා සූරතාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සාරංගි ද සිල්වා තෙවන තැන දිනා ගැනීමට සමත් වුණා.නමුත් ඇයට බලාපොරොත්තු වූ තරමේ දක්ෂතාවයකට යාමට නොහැකි වුණා.දැක්විය හැකි වූ දක්ෂතාවය මීටර් 6.02 ක් පමණක් වුණා.

මීටර් 6.82 ක් වූ අපරිම දක්ෂතාවයක් දක්වා ඇති 2021 ඔලිම්පික් තරගාවලියට පවා සුදුසුකම් ලැබූ ජැමෙයිකාවේ ටිසානි හිකින්ග් මේ තරගයේ පළමු තැන දිනා ගත්තේ මීටර් 6.53 ක් දකෂතාවයක් දක්වමින්.දෙවන තැන ඩොමිනිකන් රාජ්‍යයේ වඩාත් තුන් පිම්ම ඉසව්ව සදහා ප්‍රකාට ක්‍රීඩිකාවක වන එීහා ලිෆොන්ඩ් සතු වුණා.ඇයගේ දක්ෂතාවය වූයේ මීටර් 6.29 ක්.ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවදි තුන් පිම්ම ඉසව්වෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ඇති ක්‍රීඩිකාවක්.ඇය දුර පැනීමේ ඉසව්වේදී මීටර් 6.64 ක් පෞද්ගලික හොඳම දක්ෂතාවයක් පෙන් වූ ක්‍රීඩිකාවක්.

සාරංගි ගේ හොඳම දක්ෂතාවය මීටර් 6.65 ක් වන අතර ඇය මේ තරගයට දිනකට පෙර ස්විට්ස්ර්ලන්තයේදී පැවති තරගයේදී ස්ථානයක් අහිමි වුව ද,මීටර් 6.29 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.එම .තරගයට ඇය සමඟ සහභාගි වූ ග්‍රේෂන් ධනංජය අතුරුදහන්වීමෙන් පසුව සාරංගි ද දැඩි මානසික පිඩනයකට ලක්ව සිටි බව වාර්තා වන අතර ඇය සහ ග්‍රේෂන් මීට පෙර ද ලැබුණු ශිෂ්‍යත්වයක් මත කටාර් හී සිය ඉසව් සමබන්ධ පුහුණු කදවුරේ පුහුණුව ලැබුවේ ද එකටයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...