සාරංගිට ප්‍රංශයේ දී තෙවන තැන

Date:

ප්‍රංශයේ ඇනසි හී ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මලල ක්‍රිඩා සූරතාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සාරංගි ද සිල්වා තෙවන තැන දිනා ගැනීමට සමත් වුණා.නමුත් ඇයට බලාපොරොත්තු වූ තරමේ දක්ෂතාවයකට යාමට නොහැකි වුණා.දැක්විය හැකි වූ දක්ෂතාවය මීටර් 6.02 ක් පමණක් වුණා.

මීටර් 6.82 ක් වූ අපරිම දක්ෂතාවයක් දක්වා ඇති 2021 ඔලිම්පික් තරගාවලියට පවා සුදුසුකම් ලැබූ ජැමෙයිකාවේ ටිසානි හිකින්ග් මේ තරගයේ පළමු තැන දිනා ගත්තේ මීටර් 6.53 ක් දකෂතාවයක් දක්වමින්.දෙවන තැන ඩොමිනිකන් රාජ්‍යයේ වඩාත් තුන් පිම්ම ඉසව්ව සදහා ප්‍රකාට ක්‍රීඩිකාවක වන එීහා ලිෆොන්ඩ් සතු වුණා.ඇයගේ දක්ෂතාවය වූයේ මීටර් 6.29 ක්.ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවදි තුන් පිම්ම ඉසව්වෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ඇති ක්‍රීඩිකාවක්.ඇය දුර පැනීමේ ඉසව්වේදී මීටර් 6.64 ක් පෞද්ගලික හොඳම දක්ෂතාවයක් පෙන් වූ ක්‍රීඩිකාවක්.

සාරංගි ගේ හොඳම දක්ෂතාවය මීටර් 6.65 ක් වන අතර ඇය මේ තරගයට දිනකට පෙර ස්විට්ස්ර්ලන්තයේදී පැවති තරගයේදී ස්ථානයක් අහිමි වුව ද,මීටර් 6.29 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.එම .තරගයට ඇය සමඟ සහභාගි වූ ග්‍රේෂන් ධනංජය අතුරුදහන්වීමෙන් පසුව සාරංගි ද දැඩි මානසික පිඩනයකට ලක්ව සිටි බව වාර්තා වන අතර ඇය සහ ග්‍රේෂන් මීට පෙර ද ලැබුණු ශිෂ්‍යත්වයක් මත කටාර් හී සිය ඉසව් සමබන්ධ පුහුණු කදවුරේ පුහුණුව ලැබුවේ ද එකටයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...