ආර්ථික අර්බුදය හමුවේ බැටකන ළමා ශ්‍රමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආර්ථික අපහසුතාවයන්ට මැදිවී සිටින ජනතාව එයින් මිදීමට ගන්නේ අසීමිත වෙහෙසකි. මේ වනවිට රටේ වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික හා සමාජීය තත්ත්වය හමුවේ දැඩි පීඩනයකට වැඩිහිටියන් මෙන්ම දරුවන් ද පත්ව ඇත. ඒ අනුව මේ වනවිට ,  ළමයින් වැඩි වශයෙන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

තවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ ,
◾ළමුන් පාසල් හැර යන තත්ත්ව උද්ගත වීම, ◾අඛන්ඩව පාසල් නොයැවීම
◾ළමා ශ්‍රමිකයන් ඉහළ යාම අවම කිරීම
සඳහා මේ වනවිටත් සිය අධිකාරිය ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි .

අදට(12) යෙදෙන “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය”ට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කළ අතර, එහි වැඩි දුරටත් දැක්වුණේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව සියලු දෙනා කටයුතු කරනු ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වාස කරන බවයි.

අවුරුදු 16ත් 18ත් අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ සදාචාර වර්ධනයට අනතුරුදායක නොවන රැකියාවල පමණක් ළමයින් යෙදවිය හැකි අතර, එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි යෙදවීම නීතිවිරෝධී කරුණක්.

එසේම ළමයින් සිඟමනේ යොදවන දෙමාපියන්ට සහ තැරව්කරුවන්ට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක කළ හැකි අතර ඒ පිළිබඳ වැඩිදුර විස්තර පහත නිවේදනයේ සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...