ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් දක්ෂ නිර්මාණකරුවෙක් ? (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට සන්ධානගතව තරග කරන්නේද, තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න ඉදිරියේදී තීරණය කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

දක්ෂ නිර්මාණකරුවකු පොහොට්ටුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද පවතින බවයි ඒ මහතා සඳහන් කළේ.

“ඒ අවස්ථාවට රට ගොඩනගන්න ඉන්න පුද්ගලයා කවුද, ඒ ඇවිල්ලා අර පක්ෂයේ, මේ පක්ෂයේ කියනවාට වඩා වඩාත්ම නිවැරදි කෙනාව අපි එදාට පත් කරනවා. අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොහොම ශක්තිමත් වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරියේදී ඒ වැඩපිළිවෙලත් එක්ක අපි තීරණය කරනවා අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද, නැත්නම් වෙන අපේක්ෂකයෙක් ගන්නවාද, අපි සන්ධානගත වෙලාද තරග කරන්නෙ, නැත්නම් අපි අපේම බොහොම හොඳ, දක්ෂ නිර්මාණකරුවෙක් අපි එළියට ගේනවද කියන එක අපි තීරණය කරනවා. ඒක නිසා දැන්ම කලබල වෙන්න ඕනෙ නෑ”

මාධ්‍යවේදීන් – එහෙම කෙනෙක් ඉන්නවාද ?

“ඇයි මොකද ? ඕනෙම පක්ෂයක මේ රට පාලනය කරන්න පුළුවන් හොඳ නායකත්වයක් ඉන්නවා. ඒකනෙ පක්ෂයක් නියෝජනය කරන්නෙ. නැත්නම් පක්ෂයක් නිකම් හදාගන්න බැහැනෙ. ඉතින් ඒක නිසා අපේ පක්ෂය තුළත් ඉතාමත්ම දක්ෂ, රටට ආදරය කරන, නිර්මාණශීලී නායකත්වයන් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒකට තව කල් තියෙනවා, අපි බලමු”

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...