ඕන වෙලාවක ජන්දය තියන්න. අපේ අපේක්ෂකයා සූදානම් – දයාසිරි

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, ඊයේ (13) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”කම්කරු වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡාවක් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනාගත් කම්කරු අයිතීන් නැති කිරීමට එරෙහිව මෙහිදී සාකච්ඡා කරා පක්ෂයක් විදිහට එයට දැඩි විරෝධයක් පළ කරනවා. හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අලුත් කම්කරු පනත කම්කරුවා වැඩ කරන පැය ගණන 8 ,12 ලෙස වැඩ කිරීමටත්, දින ගණන පහේ සිට 4 දක්වා අඩු කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා,ඒකට අපි විරෝධය පළ කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළ අතර
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවන බවද ඔහු අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...