ඕන වෙලාවක ජන්දය තියන්න. අපේ අපේක්ෂකයා සූදානම් – දයාසිරි

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, ඊයේ (13) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”කම්කරු වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡාවක් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනාගත් කම්කරු අයිතීන් නැති කිරීමට එරෙහිව මෙහිදී සාකච්ඡා කරා පක්ෂයක් විදිහට එයට දැඩි විරෝධයක් පළ කරනවා. හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අලුත් කම්කරු පනත කම්කරුවා වැඩ කරන පැය ගණන 8 ,12 ලෙස වැඩ කිරීමටත්, දින ගණන පහේ සිට 4 දක්වා අඩු කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා,ඒකට අපි විරෝධය පළ කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළ අතර
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවන බවද ඔහු අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...