කොළඹ එන්න අවශ්‍ය නෑ. දින තුනෙන් පාස්පෝට් නිවසටම එවන වැඩසටහන හෙට සිට

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කිරීම සඳහා දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් සූදානම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට (15) දිනයේ සිට අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී ලබා දීම සිදුකල හැකිය.

එසේ ලබාදීමෙන් අනතුරුව දින තුනකින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තැපෑල හරහා නිවෙසටම එවීමට සැලසුම් කර ඇත.

මෙම ක්‍රමවේදයේ සමාරම්භක අවස්ථාව හෙට (15) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...