*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ඩස්පින්: කොන්ක්‍රීට් නොකරපු පොළවෙන් අලුත් පණුවාගෙන් ලංකාවට ලෝකයක්

ඕං මීට ටික කාලෙකට ඉස්සර පුලතිසි පොළව දෙබෑ කරගෙන මහා වැඩ හැකි යෝධයෙක් යැයි හිතුව මිනිහෙක් යැයි කියාගත්ත කෙනෙක් මතු වුණා.පස්සෙ මිනිහා පණුවෙක් බව දැනගත්තා. අපේ මිත්තරයොම කවි සිංදු කිව්වා.කවි සිංදු ලිව්වා.පස්සෙ පණුවෙක් බව දැනගෙන වැළපුණා.ඒ මේකා ටික කාලයක් යන කොට මේකා ඉස්සර ජරාව තියෙනවා කියපු එක එක අහු මුළුවල බඩ ගාන්න ගත්තා.කට්ටියටම චීක් කියලා හිතුණා.පණුවා මහා හයියෙන් ගෝරනාඩු කරපු රත්තරන් අස්සයන්ගෙ ඇඟේ ලගින්න ගත්තා.ඒවයේ සැරව ගෙඩි පවා උරා බොන්න ගත්තා.ලැජ්ජාව පොඩ්ඩක් හරි නැති පණුවන්ටත් ලැජ්ජ හිතෙන ජාතියෙ බඩුවක් වුණා.ඊට පස්සෙ මිනිස්සුන්ට ඕනි වුණේ මේ වගෙ පණුවෙක් ආයෙ නො’එන්න පුලතිසි පොළව කොන්ක්‍රීට් කරලා දාන්න.

කොහෙද ඊට ඉස්සර කොරෝනා ආවනෙ.ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවෙ “මං තමයි චක්කර ලේඛණ මේ රටේ ඒව නොකළොත් දෙනවා මං බැටේ”

එහෙම සිංදුවකුත් දාගෙන ගමක් ගමක් ගානෙ පැල් අටවගෙන තොයිල් නටවපු “ගෝටටාබය” මිනිස්සු ටටා කියලා,ගෝ කියලා එලවල දැම්මා.මනුස්සයත් අර පොළවෙන් මතු වුණ පණුවා ගැන හිතුවෙ නැහැ.මොකද මනුස්සය ඉස්සර ගොත ගගහ ඉද්දි අර පණුවත් හොඳ නැටුම් ටිකක් පාලා ගෝ ටටා ගේ වේදිකාවල් පිනෙව්වා.
මේ කොන්ක්‍රිට් නොදාපු කරුමය කියන්නෙ දැන් අලුත් පණුවෙක් දඟලන්න අරගෙන.මනුස්සයනම් වාහන මලකඩ කන පණුවෙක්.එසෙම්බල් සකුරා වැඩියෙන්ම වැඩ කරන්නෙ මේ රටට වෙනම අනන්‍යතාවයක් දෙන්න.මේ වටිනාකම පහදලා දුන්නේ කහරෙදි රදවන උන්නාසෙ කෙනෙක්.දැන් ඉතිං බුදු හාමුදුරුවන්ගෙ බුද්ධාගමට ඕනි විදිහට නෙමෙයි බුදු හාමුදුරුවොත් ඉන්න ඕනි.ඒ නිසා බුදු හාමුදුරුවො එපා කියපු දේවලින් තමයි නූතණ ගොඩක් උන්නාසේලා එදා වේල පිරිමහ ගන්නෙ.වේල කිව්වට ඉතිං වේල් තුන කියන වචනය තමයි හරි යන්නෙ බොහෝ වෙලාවට.

අන්න එහෙම උන්නාසෙ කෙනෙක් මේ පණුවට වේලාපත්කඩය බලලා රාජයෝගයක් තියෙනවා කිව්වම දැන් භාර දීලා නොදන්න ක්‍රීඩාව කරන්න මනුස්සට නීති හදන්න පටන් අරගෙන.කැපිච්ච පණුවෙක් ගාණට දගලන්න අරගෙන.හැබැයි ඉතිං රජ වුණත් රාජ කුමාරිගේ විදිහට තමයි සෙල්ලම යන්න ඕනි.ඒ ඇත්තී රාජ තේජස දැනටත් පෙන්නගෙන ඉන්නෙ.ඒ වුණාට ඉතිං රාජ සභාවේ පෞද්ගලික හේතුවලට අත්සන්කවත් ගහන්නෙ නැහැ හිරවෙයි කියලා.මේ නිසා ඒ පරිප්පුව කෑව උපදේශක සුදාත් මේ ළඟ දි බත් මාමා එක්ක වලියකට සෙට් වෙලා ගිය හින්ද වැඩේ තවත් චාටර් වෙලා.
ඉස්සර ඉතිං ඔය ක්‍රීඩාව කරන පොඩි වාසලට එන්න බලපු අය දැන් පෝලිමේ යන්න හොයනවා.

“පිස්සන් කොටුවක් අප්පා මේක.”

වෙන තැනකට යන්න හදන ඈයො කියන්නෙ එහෙමයි.ඕකට ලේකම්වරු අධ්‍යක්ෂවරු ඉතිං යන්නෙ එන්නෙ හරියට නැගලා බහිනවා වගෙයි.වෙන්න රජ පණුවත් අරකට මේකට ගන්න නර පණුවො දවසින් දෙකින් ඈථ් කරලා දානවා.සමහරු අයින් කරලා දාන්නෙ දැන් නෝනටයි මහත්තයටයි ඇවිත් තියෙන රජවීමේ උවමනාවට වැඩ කරන්න අදි මදි කරාම.සමහරුනම් දැකලා දැකලා විදවන්න බැරුව දාලත් යනවා.

මේ මනුස්සය කරන දේවලට හුරේ තියන්න ටීම් එකකුත් ඉන්නවා.ඒ අය ඔය ක්‍රීඩා කරන තැනට කවුරුන් ආවත් හොඳ වෘෂණ කෝෂ වෙද්දු හැටියට නම් දරාපු අය.අනිත් කොමිටිවලට දාගෙන ඉන්නෙත් තමන්ගේ වැඩේ කරගන්න ඒ වැඩේ කරන්න දක්ෂ අය.
විශේෂයෙන්ම ලෝකයම දිනපු “බත් මාමා” තවම හිතන්න ඉන්නෙ ඒ මට්ටමටමයි.ලෝකයම දිනලත් මාව ලොකු පුටුවෙ ඉන්දන්නෙ නැහැ කියලා පශ්චාත් භාගය හපාගෙන උන්න මේ උන්නැහෙ එක්ක තමයි දැන් “එසෙම්බල් සකුරා” රජ පුටුවට යන්න හදන්නෙ.

“අපිට කියලා අපේ දෙයක්”

දෙන්න එක්ක රටට විතරක් නෙමෙයි ලෝකෙටම එකක් කරන්න තමයි උත්සාහය. ඇත්තම කියනවානම් මේ සිරිලංකා දීපය වෙනම ලෝකයක් කරන්න.එතකොට දිස්ත්‍රික්ක විසි හතර රටවල් කරලා ඒ ලෝකෙ ඇතුළෙ හිඟා කෑම වුණත් තරගයක් කරන්න පුළුවන්.

වගා කරන්න වැසිකිළි පද්ධති වෙලට,හේනට පොහොර හැටියට හරවල් බගයක් මයියොක්කාවක් කාලා බත් ඩිංගිත්තක් කාලා වෙනම ලෝකයකම නායකයා වෙන්න තමයි අලුත් නායකයගෙ උපදෙස්.ඒ වෙනුවෙන් ඒ ලොකෙ හැම ගහක් කොළක්ම හුළඟට වැනෙන්න ඕනිත් මේ රජවෙන්න ඉන්න මනුස්සයගෙ අණට.ආඥාවට.
දැනට ලෝකෙ වැඩක් නැහැ අපි වැඩ කරන්නෙ අපිට ඕනි විදිහට කියලා හිතලා ශත පහක් වියදම් නොකරත් අත්සන ගහන්න ඉස්සර සකුරා එසේම්බල්,බත් මාමා වගෙම ඒ කොමිට කණ්ඩායම් හරි බරි ගැහිලා ඉන්නෙ.ඕන්න උගන්නන අමාත්‍යංශයෙන් අධ්‍යාපනේ නොතකා දිව්වට වගකීම් දුන්න ඇත්තියකුත් තනන්න හදන අලුත් ලෝකේ කොහෙ හරි දිස්ත්‍රික්කයක ඊරි මාංශෙ උලා කන්න පුළුවන් වෙයි කියලා මේවට මැදිහත් වෙලා ඉන්නවා.ඒ වගෙම කාගෙ හරි කොන්තරාත්තුවක් වෙනුවෙන් පෙනී හිටලා අතට ගාණක් ගන්න බලාගෙන ඉන්න බඩ මහත මනුස්සයත් බඩ පිරෙන්න මොනව හරි ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා.මනුස්සය දැනට අනුභව කරලා තියෙන බිත්තර බොලේ මදි වෙලා වගෙ තමයි හැසිරෙන්නෙ.

මේ විදිහට දැන් ක්‍රිඩා දෙකක ජාත්‍යන්තර ලෝකෙන් වෙන් වෙලා මේ අලුත් ලෝකෙ තමන්ගෙ දිස්ත්‍රික්ක රටවල් හැටියට හිතාගෙන වැඩ කරලා සක්විති වෙන්න හිතන මේ මනුස්සය රජ වුණාට පස්සෙ මොනව කරයිද?ලංකාවෙ ක්‍රිඩාව ගොයම් කැපුවම වෙලේ කරන සෙල්ලම් බවට පත් කරයි.

ඒක ඉතිං ඒත් ලෝකයක්නෙ.ලංකා ලොකෙ තරගාවලිය බවට පත් වෙයි.ආයෙ කවුරුත් ලෝකෙ දිනුව වෙන්න ඕනි නැහැ කියලා හිතාගෙන වැඩ කරන බත් මාමා තුන් වේලට බත් ගිලලා බඩ හොදට පුම්බගෙන වෙලේ බහින අමුඩය ජාතික ඇදුම කරගෙන ක්‍රිකට් ගහන්න පටන් ගනියි.ඒක ඉතිං තමන්ගෙ දරුවා ඒ වෙනකොට වෙන ලෝකෙක තියෙන රටක ඉන්න නිසා එයාට අනිත් දරුවො ගැන කවි සිංදු අදාළ නොවන නිසාත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

කඩුලු වෙනුවට උස් නියර උඩින් පැන පැන දුවන තරග හදලා ඉස්සර පරණ ලොකේ ලංකාව තියෙද්දි තිබුණ තමන්ගෙ වාර්තාව කාටවත් බිදින්න තියෙන ඉඩ නැති කරගෙන මැරෙනකම්ම මං වගේ කෙනෙක් නැහැ ඉතිං ආයෙ කියලා අර ගෑණු උන්දැත් ගීත ගයාවි.

අලුත් ලෝකෙ හදන්න ඉස්සර පොදු රද,නොබැදි ඔක්කොම තහනම් කරගෙන අලුත් රජ්ජුරුවො ලංකාවනම් ලෝකෙ හදපු දවසට පුලතිසි පැත්තෙ දාලා තියන කොන්ත්‍රීට් ටිකත් අයින් කරයි.මොකද තව පණුවො ඒවයින් මතු නොවුණොත් කොහොමද මේ ලෝකෙ ආරක්ෂා කරන්නෙ.

කතාව ලස්සන වෙන්න දාපු පිංතූරෙ දැක්කම තමයි ඉතිං මේකෙ හොඳම හැඟීම බලන කෙනෙක්ට එන්නෙ.ලස්සන කරන්න ඕනි පිළිවෙලට.

රජ සටනට සැරසෙන්න හයිය එන්නෙ එතකොට.දුගී මඟී යාචක හැමෝටම රටම ලෝකයෙන් වෙන් කරලා වෙනම ලෝකයක් හැටියට සියලු පුරවැසියන් තමන්ගේ තත්ත්වයට පත් කළ හැකි උගත්කමක් ඇති නායකයෙක් සහ උපදේශක මඩුල්ලකට කඹුරන ලෝකයක් වෙනුවෙන් රොක් වෙන්න මෙහෙම අවස්ථාවක් නො’එනු ඇති බව විශ්වාස කළ යුතුයි.

“රටක් වෙනුවට ලංකාවට ලෝකයක්.”

ඕනිනම් රජ්ජුරුවන්ට වයේ ඉන්න උපදේශකයො හොද උද්ධෘතයක් දුන්නෙ නැත්නම් මේක පාවිච්චා කරාට අවුලක් නැහැ.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan