*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/26

  1. ජූනි 30 සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩුවක් බවට රජය ප්‍රකාශයට පත් කරයි: මේ තුළින් ජූනි 29 වන දින සිට ජූලි 03 වන දින දක්වා දින පහක බැංකු නිවාඩු බිහිවෙයි: ආන්දෝලනයට තුඩු දී ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිවේදනය කෙරේ එල්ල විය හැකි අහිතකර වෙලඳපොල ප්‍රතිචාරය සඳහා ස්වාරක්ෂණයක් සපයනු වස් රජයට දිගු සති අන්තයක් අවශ්‍යව ඇති බවට විශ්ලේෂකයන්ගේ මතයයි: දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොවන බවට පුන පුනා කියා සිටි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ දැන් පවසන්නේ, දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කෙරෙන බවත් පොලී වලට බලපෑමක් ඇති නොවන බවත් ය.
  2. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ යෝජනාව සඳහා අනුමැතිය ලබාගැනීමට පාර්ලිමේන්තු කටයුතු කමිටු රැස්වීම අඟහරුවාදා දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ: ණය ප්‍රතිව්‍යුහගත කරන තත්ත්වයකට රට පත්වීමට හේතුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් වෙනුවෙන් දැඩිව පෙනී සිටි සමඟි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා, දැන් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට තමා විරුද්ධ බව පවසයි.
  3. 2023 මැයි 31 වන දින සහ 2023 ජූනි 02 වන දින මහ බැංකුවේ රු. බිලියන 200 ක් වූ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හරහා දැවැන්ත වංචාවක් සිදුව ඇති බවට සමඟි ජන බලවේගයේ ක්‍රියාකරු සහ ආයෝජන උපදේශක නිරෝෂන් පාදුක්ක යළි අවධාරණය කරයි: මෙවන් භාණ්ඩාගාර බිල්පත් සඳහා ද්විතීයික වෙළඳපොල අනුපාත 16% ක පමණ අගයක් ගනිද්දී, එකී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙන්නේ 25% ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ බවට චෝදනා කරයි: මෙමඟින් රජයට සිදුව ඇති පාඩුව රු. බිලියන 25 තරම් අතිවිශාල මුදලක් බව සපථ කරයි: මීට අදාළව අද දින අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පවසයි.
  4. සියලු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට මෙම සතිය තුළ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය දැනුම් දෙයි: ඔවුන්ගේ විදෙස් ගමන් ද අවලංගු කරන මෙන් විශේෂයෙන් දැනුම් දෙයි: මෙම සතිය තුළ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ අවශ්‍යතාව මත මෙම විධානය නිකුත් කර ඇති බවට විශ්වාස කෙරේ: ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය පසුවන උද්වේගකාරබව පිළිබඳව විශ්ලේෂකයෝ සහ පාර්ශවකරුවෝ සිය බිය පළකරති.
  5. 2022 වසර තුළ විදෙස් ගමන් බලපත්‍ර 911,689 නිකුත් කර ඇති අතර, ගතවූ වසර පහ තුළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර තිබෙන්නේ 2022 වසරේ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි: 2021 ට සාපේක්ෂව 2022 වසර තුළ අතිරේක විදෙස් ගමන් බලපත්‍ර 529,139 නිකුත් කර ඇති බව පවසයි.
  6. කලමනාකාරීත්වයේ අදූරදර්ශී, අත්තනෝමතික සහ නොසැළකිලිමත් තීරණ හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ 330 ක් වූ නියමුවන් සංඛ්‍යාව 250 දක්වා පහත වැටී ඇති බව ගුවන් නියමුවන්ගේ සංසදය (Airline Pilots’ Guild) පවසයි: ශ්‍රීලංකන් ගුවන් සමාගම, සිය ගුවන් නියමුවන්ට, ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් අඩු වැටුප් ගෙවන බව ද අනාවරණය කරයි.
  7. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආයෝජන අවස්ථා සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලියට ආයෝජකයන් සහ උපායමාර්ගික ව්‍යවසායකයන් 19 දෙනෙකු සහභාගී වී ඇති බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි පවසයි.
  8. වාර්තාගත ඩෙංගු ආසාදිතයන් ගෙන් 75% ම වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයන් බව ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි: ඉකුත් ජනවාරි සිට මේ දක්වා ඩෙංගු ආසාදිත පුද්ගලයන් 47,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසයි: මෙම ආසාදිතයන්ගෙන් බහුතරයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් බව ද අවධාරණය කරයි.
  9. 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේ දී ශ්‍රී ලංකාව ලකුණු 133 කින් අයර්ලන්තය පරාජය කරයි: ශ්‍රී ලංකාව – 325 (49.5): දිමුත් කරුණාරත්න 103; සධීර සමරවික්‍රම 82; ධනංජය ද සිල්වා 42*; චරිත් අසලංක 38; අයර්ලන්තය – 192 (31): වනිඳු හසරංග – 79/5: වනිඳු හසරංග මේ වන විට පිට පිට එක්දින තරඟ 3කදී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගෙන ඇති අතර, අවසාන වරට මෙවන් දස්කමක් පා ඇත්තේ මීට වසර 33කට පෙර පාකිස්තානු වේගපන්දු ශූරයකු වන වකාර් යුනිස් (Waqar Younis) විසිනි.
  10. ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕමානය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ සුපර් 6 අදියර සඳහා සුදුසුකම් ලබා තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan