අපේ ආයුර්වේද ඖෂධය සඳහා ජාත්‍යන්තර වටිනාකමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන විදේශයන් වෙත අපනයනය කිරීම මූලික අරමුණ කර ගනිමින් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හා එක්ව විදේශයන් තුළ ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ‌දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණි .

එහිදී තාක්ෂණය, යන්ත්‍රෝපකරණ සහ වෙළඳ‌පොළෙහි පවතින ගැටලු ඔවුන් වෙත ඉදිරිපත් කළ අතර, ඊට අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ JI Promotions (Pvt) Ltd ආයතනයත් මෙහිදී සිය එකඟතාවය පළ කර ඇත.

මෙම සාකච්ඡාවේදී තව දුරටත්  අවධානය යොමුව ඇත්තේ  ජපානය තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, ජපානය තුළ සිටින ව්‍යාපාරික ආයතන දැනුවත් කර දේශීය සහ ආයුර්වේද නිෂ්පාදන විකිණීම සහ ප්‍රචලිත කිරීමට යන විශේෂ කාරණා පිළිබඳවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...