කලුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද (26) විරෝධතාවයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කළුතර දිස්ත්‍රික්කයේ අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද (26) සිය කටයුතුවලින් ඉවත්ව එම විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ රජය විසින් පොරොන්දුවූ අත්තිකාරම් මුදල් ලබානොදීම හේතුවෙනි . දින 12කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද එම ගුරුවරු පවසති.

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රු 2,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අදට දින 12ක් වන නමුත් අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බව ඔවුහු පවසයි .

එහෙත් මුදල් බැරකල බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගුරුවරයෙකුට මුදල් ලැබී නොමැති බවත්, මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බව විරෝධතාකරුවෝ පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...