රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්රහණයට පත්ව ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින අතර රජයේ නිල තොරතුරු හා ප්රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශිලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්රකාශ කරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
RN