විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්නයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගෝඨාභය රජයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(06) පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

චීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගණුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බව විපක්ෂ නායකවරයා පවසයි .

විගණන වාර්තාවට අනුව කෘෂිකර්ම රාජ්‍ය හා කැබිනට් අමාත්‍යවරු වගකීම් පැහැර හැරීම නිසා මෙම මුදල් ලබා ගැනීමට නොහැකි වූ බවත් එබැවින් දැන් හෝ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව පියවර ගන්නේ කවදාද කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ , නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව ද මේ වන විට අවසන් හෙයින් එය සභාගත කරන ලෙසයි .

තව  දුරටත් විපක්ෂ නායකවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ , වී මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙන බව  කීවත් විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ මෙම කන්නයේම ගනු ලබන පියවර කවරේද යන්නයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...