ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි,

Date:

කෙටි විරාමයකින් අනතුරුව
අප නැවතත් එක්වන්නේ
ශෝකයේ වැඩසටහනත් සමඟයි
සුපුරුදු පරිදි මෙවරත්
ප්‍රධාන අනුග්‍රාහකයා ඇයමයි

අද අපත් සමඟ එක්වන
අනාරාධිත අමුත්තා
අතීතයෙ සිට පැමිණි, මතකයි
අමුතුවෙන් හඳුන්වා දිය යුතු නෑ
ඔබට ඔහු හොඳින් හුරුපුරුදුයි

ඉතින් අපට කියන්න
මුලින්ම ඇයව දුටු දවස ගැන..
නැත්නම්,
මුලින්ම ආදරෙයි කියපු දවස ගැන..
ඒ ගැන දැනගන්න අපි හරිම ආසයි
වෙන්ව යන දවසෙදිත්
ආදරෙයි කිව්වලු නේද ඇය
ඇත්තටම ඒකනම් හරිම පුදුමයි

මතකද එදා හුළඟ හමපු විදිය..
මම ඇය දිහා බලන් ඉදපු විදිය..
තාම අද ඊයෙ වගෙමයි
ටවුම කෙළවර, මිනිස් ගඟ මැද
හිමිහිමින් ඇය
නොපෙනී ගිය විදිය..
ඔව්,
දැන් එය තිරය මත දිස්වෙයි……


මෙතෙක් වේලාවක් ශෝකය සමඟ
රැදී සිටි ඔබට තුති
දැන් නැවතත් විරාමයකට යා යුතු මොහොතයි
රැඳී සිටින්න අප සමඟම
හුදෙකලා නාලිකාවේ
තවත් වැඩසටහන් බොහොමයි

  • සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...