Onmax DT සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවයි !

Date:

පිරමීඩ ක්‍රමයේ මූල්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති Onmax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කර තිබේ.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ Onmax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇති බවයි.

ඒ අනුව එම බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණය නියෝග කරන ලදී.

විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් ය.

මෙම සමාගමේ පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවේ බුද්ධි ඒකකය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ය. එම ජාවාරමට හසුවූ කිසිවකු මෙතෙක් ඒ ගැන පොලිසියට පැමිණිලි කර නොමැති අතර විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට හසු වී ඇත්නම් වහාම ළඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...