සැප්තැම්බර් වෙද්දී බංකොලොත්භාවයෙන් මිදෙනවා!

Date:

කොළඹ LNW:වර්තමානයේ සිදු කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණය අනාගත කිසිදු රජයක් විසින් ආපසු හැරවීමට කටයුතු නොකරනු ඇතැයි බවත් රටක මූල්‍ය විනය සහ විනිවිදභාවය පවත්වාගෙන යාම සඳහා රජය සිදු කරන කඩිනම් හා අපහසු ප්‍රතිසංස්කරණ අනාගත තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

විනිවිදභාවය ඇති කිරීම වෙනුවෙන් දූෂණ මර්දන පනත,මහ බැංකුවට ස්වාධීනව නිවැරදි තීරණ ගැනිමට හැකිවන පරිදි නව මහ බැංකු පනත මෙන්ම බැංකු ඇතුළු මුල්‍ය පද්ධතිය, තැන්පතුකරුවන් සහ ඔවුන්ගේ තැන්පතු සුරක්ෂිත කිරීමෙ වෙනුවෙන් බැංකු විශේෂ විධිවිධන පනත වැනි අණපනත් ක්‍රියාත්මක කරමින් ආර්ථිකය වඩාත් විශ්වසනීය දිශානතියකට ගමන් කරවමින් තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5% – 2.5% අතර ආර්ථික වර්ධනයකට ළගා වනු ඇති බව හෙතෙම විශ්වාස කරන අතර සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයන් මිදුණු රටක් බවට පත් වනු ඇති බවද සේමසිංහ මහතා අවධාරණය කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ රබර් වෙ⁣ළෙඳුන්ගේ සම්මේලනයේ 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...