මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර , ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන බවයි.

මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තුළින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

දේශීය සහ ගෝලීය වශයෙන් වත්මන් සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳ මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...