නියඟය නිසා රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල දිවයිනට  බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාම සහ අපිරිසිදු වීම මඟින් ඉදිරියේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,

උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවයි වෛද්‍යවරයා පැවසූවේ ,

“මේ නියං සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්වෙමින් පවතිනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට, දුෂ්කර ප්‍රදේශවලට යනකොට මේ තත්ත්වය බරපතළ තත්ත්වයක් බවට පත්වෙමින් තියෙනවා. එහිදී ළිං, නළ ළිං ආදිය මේ නියං තත්ත්වය සමග සිඳීයෑම නිසා ජනතාවට පානීය ජලය සොයාගැනීම දැඩි දුෂ්කරතාවයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා තිබෙන ජල මුලාශ්‍රවලින් ජලය සපයා ගන්න ඔවුන් උත්සාහ කරනවා. එහිදි ඒ ජල මුලාශ්‍රවල යම් යම් අපිරිසිදුවීම් විෂබීජ ආසාදනයන් තිබීමට යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී මේ ජල මුලාශ්‍රවලින් මේ ජනතාව ජලය භාවිත කරන විට පාචනය හා අතීසාරය වැනි රෝග තත්ත්වයන් මතුවීමේ යම් අවදානමක් තියෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ පානය කරන ජල මුලාශ්‍රය පිරිසිදු නොවන බවට ඔබට යම් සැකයක් තියෙනවා නම් අඩුම තරමේ ඒ ජලය උණුකර නිවා පානය කරන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...