මාල දිවයිනට එරෙහි පළමු ජයේ වීරයන් මහේල සහ කාංචනා

Date:


මාල දිවයිනේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් අතරින් මේ වන විට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මුහුණ දුන් තරගය වට 3-0 ක් ලෙස ජය ගන්නටත්,ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් තරගය වට 3-0 ක් සහ වට 3-1 ලෙස ජය ගන්නටත් සමත්ව තිබෙනවා.


ප්‍රථම තරග දෙක අවසානයේ පිරිමි කණ්ඩායම වෙනුවෙන් මහේල ඉන්දීවරත්,කාන්තා කණ්ඩායම වෙනුවෙන් කාංචනා පීරිස් ක්‍රිඩිකාවත් තරගයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය දිනා ගැනීම කැපී පෙණුනා.මාල දිවයින කාලයත් සමඟ සිය දක්ෂතා වැඩි දියුණු කර ගනිමින් වොලිබෝල් පිටියේ ප්‍රගතියක් ලබා තිබෙන බව පැහැදිළියි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට වඩා වෘත්තිමය වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාල දිවයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හමුවන්නට සහ එකට ක්‍රීඩා කරන්නට ලැබෙන අවස්ථාවන් වැඩි වි තිබෙනවා.ඔවුන් ජාත්‍යන්තර තරගාවලි සිය ක්‍රීඩා සමාජ මට්ටමට විදෙස් දක්ෂයන් ද සමඟ ගෙන එන්නට සමත්ව තිබෙනවා.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ පළමු ජයග්‍රාහී තරගයේ ලකුණු සටහන දැක් වුණේ ලකුණු 25 – 23, 25 – 21 සහ 25 -18 ක් ලෙසයි.කාන්තා තරගයේ ලකුණු සටහන දැක් වුණේ 25 – 19,25 -28 සහ 25 – 27 ක් ලෙසයි.දෙවන කාන්තා තරගයේදී මාල දිවයින කණ්ඩායම යම් අභියෝගයක් එල්ල කරමින් එම තරගයේ දෙවන වටය ලකුණු 26 – 24 ක් ලෙස තියුණු තරගයකින් පසුව ජය ගත්තද තරගයේ පළමු,තෙවන සහ සිව්වන වට ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 25 – 17,25 – 17 සහ 25 -14 ක් ලෙසයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...