රටේ අර්බුදය විසඳන්න විපක්ෂයේ අදහසුත් ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් – බන්දුලගෙන් යෝජනාවක්

Date:

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විපක්ෂයේ යෝජනා ද ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ඉතා වැදගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“අපේ රට ඇතුළෙ තියෙන තත්වයට දේශපාලන කෝණවලින් බලන්නෙ නැතුව, ඇත්ත වශයෙන්ම ඇතිවෙලා තියෙන ප්‍රශ්නය, එයට හේතු වෙච්ච සාධක, ඒවා නිවැරදි කරගන්නා ආකාරය පිළිබඳ දේශපාලනික නොවන තාක්ෂණික පැහැදිලි කිරීමක් කරා යන්න ඕනෙ. දේශපාලන පක්ෂවල නායකයින් කැඳවලා ඔවුනුත් සමග සංවාදයක් ඇතිකර ගැනීම වඩා වැදගත් වෙනවා. විපක්ෂයේ කාටහරි තියෙනවා නම් හෙට මේ ප්‍රශ්නයට විසඳුමක්, ඒ විසඳුම ඉදිරිපත් කරන්න පුළුවන් නේ එවැනි සම්මේලනයක් කැඳෙව්වොත්”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියානු ජනාධිපති Lee Jae-myung ගෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියානු ජනාධිපති...

දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) පසුවරුවේ,...

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...