ගූගල් සමාගමට චෝදනා

Date:

සටහන – රෂිකා හෙන්නායක


කොළඹ (LNW): අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් විසින් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ගමන් කරමින් සිටි තම සැමියා පාලමකින් ඇදවැටි මිය ගිය බවට චෝදනා කරමිනි.

එළෙස ඇය චෝදනා කර ඇත්තේ තම සැමියා ගමන් කරමින් සිටි මාර්ගයේ තිබූ අවදානම් ස්ථානයක් සම්බන්ධයෙන් ගූගල් සිතියම යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් ඇයගේ සැමියාට ජීවිතය අහිමි වු බවටය.

මිතුරෙකුගේ නිවසට ගොස් නැවත එමින් සිටිය දී, පිලිප් පැක්ස්සන් නම් ඇගේ සැමියා මෙලෙස මියගොස් තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. සිය සැමියා පැමිණි මාර්ගය ඔහුට එතරම් හුරු පුරුදු නොමැති බැවින් ඔහු ගූගල් සිතියමේ මග පෙන්වීම අනුව සිය රථය ධාවනය කර ඇති බව, පිලිප් ගේ බිරිඳ පවසා ඇත.

ඔහු එම මාර්ගයේ ගමන් කරමින් සිටි අවස්ථාවේ එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලුනු බවත් ඇඳිරි වැටි තිබු බැවින් මාර්ගය පැහැදිලිව නොපෙනී ඇති බවත් සඳහන් වෙන අතර, ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ඔහු පාලමකින් ගමන් කර ඇති නමුත් එය කඩා වැටි තිබු බැවින් පිලිප් පැක්ස්සන් රථය සමඟ ඇළකට ඇදවැටි දියේ ගිලී මිය ගොස් ඇත.

මෙම පාලම කඩා වැටී ඇත්තේ වසර 09යට පෙර බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර, එම හේතුව මත පිලිප් ගේ බිරිඳ ගූගල් සමාගමට චෝදනා කරමින් නඩු පවරා ඇත. සිය සැමියා මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගූගල් සිතිමේ මේ බව යාවත්කාලීන කර නොතිබූ නිසා බව ඇය පවසා ඇත.

ඒ අනුව අදාළ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව, මෙම චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම පවසා ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...