මංගල සීනු ගිනි සිළුවක දැවී යයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උතුරු ඉරාකයේ ඉතාමත් ශෝකජනක පුවතක් වාර්තා වේ. ඒ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර මියගිය අය අතර එම විවාහ උත්සවයේ මනාලයා සහ මනාලිය ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගිනිකෙළි දැල්වීමෙන් අනතුරුව ගින්න හටගෙන ඇති බවට සැක පළ කෙරෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ භටයින් කටයුතු කර ඇති අතර, අඩු වියදම් ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගනිමින් එම විවාහ මංගල උත්සව ශාලාව සකස් කර ඇති බවට අනාවරණය වී ඇත. එය ගින්න ඉක්මනින් ව්‍යාප්ත වීම සඳහා හේතු වී ඇති බවට එරට බලධාරීන් සැක පළ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...