මංගල සීනු ගිනි සිළුවක දැවී යයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උතුරු ඉරාකයේ ඉතාමත් ශෝකජනක පුවතක් වාර්තා වේ. ඒ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර මියගිය අය අතර එම විවාහ උත්සවයේ මනාලයා සහ මනාලිය ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගිනිකෙළි දැල්වීමෙන් අනතුරුව ගින්න හටගෙන ඇති බවට සැක පළ කෙරෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ භටයින් කටයුතු කර ඇති අතර, අඩු වියදම් ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගනිමින් එම විවාහ මංගල උත්සව ශාලාව සකස් කර ඇති බවට අනාවරණය වී ඇත. එය ගින්න ඉක්මනින් ව්‍යාප්ත වීම සඳහා හේතු වී ඇති බවට එරට බලධාරීන් සැක පළ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...