උද්ධමනය සියයට 1.3 වෙද්දී IMF වාරිකය ප්‍රමාද වෙයි !

Date:

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. වසරකට පෙර, ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම වූ 69.8% ලෙස පැවති මෙම අගය මාස දොළහක කාලයක් තුළ මෙපමණ පහත වැටීම සුවිශේෂී තත්ත්වයක්. මීට පෙර අවසන් වරට උද්ධමනය මෙවැනි පහළ මට්ටමක පැවතුනේ 2015 වසරේදීයි.

කෙසේ වුවද, අපගේ ඇස්තමේන්තුව වනුයේ උද්ධමනය පහත වැටීමේ ප්‍රවණතාව මෙම මාසයෙන් නවතින බවයි. ඉදිරි මාසයේදී උද්ධමනය 2% පමණ දක්වා ඉහළ යා හැකියි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ විමර්ශනය සිදු කර අවසන්ව ඇති නමුත් දෙවන ණය වාරිකය ලබා දීම පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නැහැ. එය යම් තරමකින් ප්‍රමාද විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. මෙහිදී තීරණාත්මකම සාධකය වනු ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව බාධකය වී තිබෙන්නේ චීනය බව පෙනෙන්නට තිබෙනවා. මෙම කටයුත්ත ඉදිරි මාසය හෝ දෙක තුළ සිදු වුවහොත් වැඩ සටහනේ ඉලක්ක සමඟ රැඳී සිටීමට විශාල අපහසුතාවයක් නැතත්, ඊටත් වඩා කල් ගියහොත් යම් අතුරු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ අතරින් ප්‍රධානම ප්‍රශ්නයක් වනු ඇත්තේ විදේශ සංචිත ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමයි.

දැනටමත් රජයේ ආදායම් ඉලක්ක මග හැරෙමින් ඇති අතර පසුගිය දෙමස තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් සංචිත යම් ප්‍රමාණයක් විකුණා තිබෙනවා. මෙම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට යොමු වී තිබෙනවා.

අරමුදලේ වැඩ සටහන සමඟ දිගටම රැඳී සිටීමටනම් රජයට බදු යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, හිඟ බදු අය කර ගැනීම සහ බදු නිදහස් කිරීම් ඉවත් කිරීම ගැන මෙන්ම රාජ්‍ය අංශයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ ගැනද මීට වඩා බරපතල ලෙස සිතන්නට සිදු වෙනවා. ඒ වගේම, මහ බැංකුවට විණිමය අනුපාතය දැනට පවත්වාගෙන යන මට්ටමෙන් ඉහළට යාම මානසික බාධකයක් කර නොගෙන සංචිත එකතු කරගන්නට සිදු වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...