සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුවම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කිරිඇල්ල මහතා එහිදී පැවසූවේ පැක්ට්රියක් වගේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි ද , වැදගත්කම පනත් ගෙන ඒම නොව ඒ පනත් දෙස බලා අධිකරණයට ස්වාධීන විනිශ්චයක් දෙන්න අවස්ථාව තිබෙනවා ද යන කාරණය බවද සඳහන් කළේය.
ඡන්ද තියන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නමුත් ආණ්ඩුව සල්ලි දුන්නෙ නැතැයි කී අතර එලෙස කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දියාරු කරන්න නොවේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.
කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසූවේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් විනිශ්චයකාරවරු බය කරන්නට ඔවුන් වරප්‍රසාද කමිටුවටද ගෙන්වූ බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??