ක්‍රියාකාරී සැලැස්ම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පාලනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

ක්‍රියාකාරී සැලැස්මක් අනුගමනය කිරීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය පාලනය වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගතවේදී වෛද්‍ය ක්‍රිෂාන්ත මසාරච්චි මහතා පවසයි.

ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා රෝගය උත්සන්න වූ නමුත් මහනුවර දිස්ත්‍රික්කය තුළ සියලු ආයතනවල දායකත්වයෙන් සකස් කළ සැලැස්ම අනුව රෝග ව්‍යාප්තිය බෙහෙවින් පාලනය කර ගැනීමට හැකි වූ බව ඒ මහතා කීවේය.

ඩෙංගු රෝග පාලනය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

රෝග පාලනය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම හා නිවාස, වෙළඳ සැල් හා ආයතන පරීක්ෂා කරන බවත් රෝග ව්‍යාප්තියට තුඩු දෙන ස්ථාන සඳහා නිවේදන නිකුත් කිරීම සහ නඩු පැවරීම් සිදුකරන බවත් ඔහු කීහ.

ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 27ක් සිදුවී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවී ඇති මරණ ප්‍රමාණය 06කි. රෝගී ආසාධිතයන් 5538 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි වෛද්‍ය ක්‍රිෂාන්ත මසාරච්චි මහතා ප්‍රකාශ කළේය.

මහනුවර මහ නගර සභාව, ගඟවට කෝරළය, ගම්පොල, යටිනුවර සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ද ඒ මහතා කීවේය.

පස්බාගේ සහ නාවලපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලින් වාර්තාවූ රෝගී ප්‍රමාණයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවත් ඉදිරි කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වනු ඇතැයි ද මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගතවේදී වෛද්‍ය ක්‍රිෂාන්ත මසාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...