IMF දෙවැනි වාරිකය ලබාගත හැකි වන බවට අප විශ්වාසයෙන් පසුවනවා – මහ බැංකු අධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කිරීම සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින් සිටින පසුබිමක පළමු ඇගයීම සාර්ථක ලෙස අවසන් කර දෙවැනි වාරිකය ලබාගත හැකි වන බවට අප විශ්වාසයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තව දුරටත් කියා සිටියේ,

“මේ වසර මුලදී කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ඔස්සේ අඛණ්ඩව ප්‍රගතියක් ලැබීමට රජය සහ මහ බැංකුව සමත්වී තිබෙනවා.”

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කිරීම සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින් සිටින පසුබිමක පළමු ඇගයීම සාර්ථක ලෙස අවසන් කර දෙවැනි වාරිකය ලබාගත හැකි වන බවට අප විශ්වාසයෙන් පසුවනවා.”

“මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපට හැකිවන බවට සහ අපට අපේක්ෂිත කාලයට පෙර නිවැරදි මාවතට අවතීර්ණ විය හැකි බවට අපට දැඩි විශ්වාසයක් පවතිනවා.”

“සමස්ත ජන කොටසට සහ සාර්ව ආර්ථික වාතාවරණයට අවම බලයක් ඇතිකරමින් ඉහළම ප්‍රශසත්කරණයක් ලැබිය හැකි ලෙස ඉතා බුද්ධිමත්  ආකාරයෙන් කටයුතු කරමින් රජය සහ මහ බැංකුව ප්‍රගතියක් ලබමින් සිටින බව මම නැවත අවධාරණය කරන්න කැමතියි.”

“ඒ නිසයි විවාදාත්මක තත්ත්වයක් පැවැතුණත් අපට පසුගිය කාලයේදී දේශීය ණය ප්‍රශස්තකරණය සම්පූර්ණ කිරිමට හැකිවුණේ”

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ 44 වැනි ජාතික සම්මේලනයට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...