ජය මඟට වැටෙන ස්වෙච්ඡාවේ ආලෝකය

Date:

විදෙස් තරගාවලියකට ගියහම සත්කාරක රටෙන් ලැබෙන ස්වේච්ඡා සේවකයින් හරිම වැදගත්.ඔවන් ඒ රටේ සංස්කාතික අනන්‍යතාවය සමඟ විදේශිය ක්‍රිඩකයින්ට බාදාවක් ඇති නොවෙන්න හැසිරෙන්න මඟ පෙන්නන එක වගේම ආරක්සා කරන එකත් ඉතාම හොඳින් කරන්න දන්න පිරිසක්.
නිදහසට බාධා නොවෙන හැටියට හිත නිදහසේ තබා ගන්නට වගේම ඔවුන් ඉතාම උනන්දුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කරන මිත්‍රශිලී මැදිහත්වීම් නිසා ද,විදේශ රටකට ගිය විට තරග කිරීමට මෙන්ම මාධ්‍ය ආවරණ කටයුත්තකට වුණත් ලැබෙන සහය අති විශිෂ්ඨයි.


ඔවුන් බොහෝ විට තරුණ විද්‍යාර්ථීන් වීම නිසා ඉතාම සොඳුරු විදිහට අනෙකාගේ සංස්කෘතික දැණුම උකහා ගැනීමත් ඔවුන් විසින් සිඳු කරනවා.ඒ හැම දෙයකදිම අවශ්‍යයතාවය වගේම නිදහසට බාධා නොකරන එක ඔවුන්ගේ හැඩයයි.ක්‍රිඩා කණ්ඩායමකට මඟ පෙන්වන්න ලැබෙනඋපකාර කරන්න ලැබෙන ස්වේච්ඡා සේවකයා විසින් දක්වන සහයෝගය ජයග්‍රහණ සදහා අතිශයින් වැදගත් වෙනවා.ඔවුන් රැක බලා ගන්නා කණ්ඩායමේ පමණක් නොවෙයි එම කණ්ඩායම අයත් රටේම පුරවැසියන් සේ දැනෙන මට්ටමට සමීප වීම බොහෝ විට සිඳුවන දෙයක්.


සමහර අවස්ථාවල ඔවුන් ශ්‍රී ලංකාව ගැන කණ්ඩායම භාර ගැනීමට පෙර යම් හැදෑරීමක් කර තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.එවැනි කෙනෙක් අතිශයින් වැදගත්.ඒ ඔහුට තියෙන ලාංකේය අනන්‍යතාවය සමඟ ජීවත්වීම සඳහා පරිසරය සකස් කිරීමට ඇති පහසුව නිසයි.ඒ නිසා හොඳින් තමන්ගේ වගකීම ඉටු කරගන්න ස්වෙච්ඡා සේවකයන්ගෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ඨයි.
මේ මෙවර ආසියානු ක්‍රිඩා උළෙලේ දී හ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිටි සවේච්ඡා සේවක කණ්ඩායමයි.අපි ඔවුන්ට ද ශ්‍රී ලංකාව ලැබු සාර්ථකත්වයේ යම් කොටසක් තිළින කරන්නට නිහතමානි වෙමු.විශේෂයෙන්ම චිනය වැනි රටකදි විහාල ලෙස මිනිසුන් භාවිතා කරන චීන භාෂාව ඇතුළේ සංනිවේදනයට ඇති අපහසුව මඟ හරවා ගනිමින් කණ්ඩායම් කළමණාකාරීත්වයට,ක්‍රීඩකයන්ට සිය අවශ්‍යයතා ඉටු කර දෙන්න අපහසුවක් ඇති නොවන ආකාරයට මොවුන් ලබා දෙන සහයෝගය විශිෂ්ඨ එකක් වනු නිසැකය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...