දෙසැම්බර් 17 දිනමිණ පුවත්පතේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පති ජනපති පත් කරයි. ඉවත් කර පැයක් ඇතුළත යළි සේවයේ පිහිටුවයි. හදිසියේ ඉවත් කළේ කුඩු ජාවරමෙක් රකින්නදැයි ප්‍රබල සැකයක් ’ යනුවෙන් රජයේ පුවත්පතක සදහන් වූ බවත්, ඩේලිනිවුස් පුවත්පතේ ද එවැනි ආකාරයේ පුවතක් සදහන් වූ බවත් මේ පුවත්පත් දෙකම ජනාධිපති හා රජය යටතේ පවතින බවත් මේ ආයතන දෙකට විධායකය පවා වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පොලිස්පතිවරයාගේ පත් කිරීම අවස්ථා දෙකකදී දීර්ඝ කළත් මෙම පත්තරවලට අනුව කතානායකවරයා සභාපතිත්වය දරණ, අගමැතිවරයා සිටින, ජනාධිපති පත් කළ නිමල් සිරිපාල ද සිල්වා, පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්, විපක්ෂ නායකවරයා, කබීර් හෂීම් මහතා සහ සිවිල් සාමාජිකයන් 3ක් ඉන්න ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති 3 වැනි වතාවට පත් නොකළේ කුඩු රජෙක් නිසා බව පවසා ඇති බවත් විපක්ෂ නායකවරයා ලෙස තමා එම පුවත ප්‍රතික්ෂේප කරන බවත් කිසිදු අවස්ථාවක කුඩු කාරයක් රකින්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී දිනමිණ පුවත්පතේ පළමු පුවතක් සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
ස්වාධින අධිකරණ පද්ධතියක් මඟින් කුඩු ජාවාරමේ නියැලී සිටින පුද්ගලයන්ට මරණිය දණ්ඩනය ලබා දීමේ ප්‍රතිපත්තියේ තමා සිටින බැවින් මේ කතුවරුන් දෙදෙනා කැදවා ව්‍යවස්ථාදායක සභාව රකින් කුඩු කාරයන් ගැන ඇසිය යුතු බවත් මේ ව්‍යවස්ථාදායක සභාව කිසිදු අවස්ථාවක කාගේවත් සුරතලුන් සහ සුරතලියන් පත් කරන්න හෝ කුඩු කාරයන් රකින්න, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් රකින්න හෝ පත් කරන්න සුදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයාට නිවැරදි පත් කිරිමක් සිදු කරන්න වගකීමක් ඇති බවත් එන එන නම්වලට යස් නෝ කියන්න මෙය යූඇන්පීයේ කමිටුවක් නොවන බැවින් මෙය ව්‍යවස්ථාදායක සභාවට සිදු කරන ලද අපහසයක් බවත් මෙම කර්තෘවරයන් දෙදෙනා වරප්‍රසාද කමිටුවලට නොගෙනාවත් මීට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
RN
