යල කන්නයෙන් නෙළාගත් නැවුම් අස්වැන්න ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත

සටහන –නදීක දයා බණ්ඩාර
මහනුවර (LNW): යල කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ නැවුම් සහල් දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කරන යල අස්වනු මංගල්‍ය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී (20) සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ තේවාවභාර හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා ඇතුලු සම්භාවනීයන්ගේ සහභාගීත්වයෙන් මෙම පූජාව පැවැත්විණි.

යළ කන්නයේ නෙළ ගත් සහල් අස්වනු දන්තධාතූන් වහන්සේ වෙත පූජා කොට කෘතවේදීත්වය පළ කිරීමත් එළැඹෙන මහ කන්නයේදී සාර්ථක කන්නයක් අපේක්ෂා කිරීමත් මෙහි අරමුණ බව ඒකාබද්ධ ජාතික ගොවි සංවිධාන ගොවිසංවිධාන සභාපති සුනිල් ගමගේ මහතා කීවේය.

මිනිපේ මහා වාරි ව්‍යාපාරය ඇතුලු මහවලි ව්‍යාපාරයේ ගොවියන්ගේ නැවුම් සහල් අස්වනු පූජා කිරීම මෙහිදී සිදුවිය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අපිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරීන් ද ගොවි සංවිධාන නියෝජිතයන් හා ගොවියන් පිරිසක් මෙම පූජාව සඳහා එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...