*
Sunday, May 18, 2025
spot_img

Latest Posts

රියලිටි කලාවේ නව මං සොයා යෑම

සටහන – රත්නපාල ගමගේ

දෙරණ රූපවාහිනී නාලිකාව විකාශනය කරන ඩ්‍රීම්ස්ටාර් තරගය සති අන්තයේ විවේකීව රස විඳිය හැකි සෞන්දර්යාත්මක චාරිකාවක් යැයි කීවොත් වඩාත් නිවැරැදි යැයි සිතමි. එය රියැලිටි තරගයක් යන්න අමතක වන තරමට තරුණයින්ගේ ගායන පෞරුෂයත්, සංගීතයත් රියැලිටි තරගයේ ගායන පෞරුෂයත් සංගීතයත් බද්ධවී ඇත. විශ්ව සහ ෆැලන් ඇන්ඩ්‍රියා වරින් වර පැමිණ හඳුන්වා දීම් නොවන්නට බොහෝ විට අපේ හදවත් ස්පර්ශ කෙරෙන සංගීතයක් වනු ඇත. ඩ්‍රීම්ස්ටාර් එනිසා දෙරණ රූපවාහිනී නිෂ්පාදක මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ඇති හඬ පාලනය සහ කැමරාව මෙහෙයවීම ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් විසින් සිදුකරනු ලබන බව ඕනෑවටත් වඩා පෙන්වා ඇත. එනිසා නිෂ්පාදක මණ්ඩලය ඇතුළු ඔවුන් සියල්ල ඔබට මල්මිටක්.

මේ වර දෙරණ ඩ්‍රීම්ස්ටාර් රියැලිටි තරග වැඩසටහනේ මා දකින විශේෂත්වය පසුබිමේ දක්නට ලැබෙන ත්‍රිමූර්තියයි. එම සිත්ඇදගන්නා තරුණියක් සමඟ තරුණයන් දෙදෙනෙක් මවන චමත්කාර ජනක දර්ශන පෙළකි. තරුණිය සඳසි මෙත්මන්ය. ඇය ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සහ කඩවත මහමායා බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක්. ඩ්‍රීම්ස්ටාර් තරගයේ ගී ගයන තරගකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් වේදිකාව පසුපසට වී ‘හාමනී’ කිරීම ඔවුන්ගේ කාර්යභාරයයි. ඉතා සුළුවෙන් පටන්ගත් එම විශේෂාංගය රියැලිටි ගීත කලාවේ අංගයක් බවට පත්වෙමින් සිටින බව 11 වන ඩ්‍රීම්ස්ටාර් තරගය දෙස බලන විට පෙනී යයි.

මෙහි විශේෂත්වය නිසාම ඒ පිළිබඳව හාරා අවුස්සා බලන්නට සිත් විය. කුරුණෑගල සිට තරගයට සහභාගිවූ තරගකරුවකු වන විජය කුලසූරියගේ සිතේ හටගත් සිතුවිල්ලක ප්‍රතිඵලයක් ලෙස මෙය බිහිවිය. 50 වෙනි කණ්ඩායමේ අවසන් 7 දෙනාගේ වටයේදී ඉවත්වූ සඳසි මෙත්මන්ති, සෙනාලි ඉද්දමල්ගොඩ, තක්ෂිලා ගුණතිලක යන තිදෙනා තරගයෙන් ඉවත්වීම විජයගේ සිත තුළ වේදනාවක් ඇති කළේය. ඔවුන්ව ඩ්‍රීම්ස් තරගය සමඟ අඛණ්ඩව සම්බන්ධ කිරීමේ ක්‍රමයක් ලෙස අනෙක් තරගකරුවන්ට ඔවුන් ගයන ගීතයන්ට හාමනි කිරීම වඩාත් සුදුසු බව. විජය කුලසූරිය නිෂ්පාදක මණ්ඩලයට අදහස ඉදිරිපත් කළේය. නිෂ්පාදක මණ්ඩලය එම අදහස පිළිගෙන ඊට අවශ්‍ය පහසුකම් සපයා දුන්හ.

විජය කුලසූරිය මැයි 7 දින මුල් වරට ඔවුන් සමඟ හින්දි ගීතයක් ගායනා කළේය. එය නොසිතූ ලෙස ආන්දෝලනාත්මක සිදුවීමකට පෙරලුණි. විනිසුරු මඬුල්ලේ සිටි සාමාජිකාවන් වූ විශාරද සමිතා මුදුන්කොටුව මහත්මිය විජය කුලසූරියගෙන් මෙම සිතුවිල්ල ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමසීමක් කළාය. අනතුරුව ඈ එම ක්‍රියාවලිය ඇගැයීමකට ද ලක් කරන්නට පසුබට නොවූවාය. එදා ඒ ආරම්භය වැළඳ ගැනීම සංගීත රසිකයන්ට භාරවූ අතර ඒ ප්‍රබෝධය ඔවුන් තුළ දක්නට ලැබුණි. මේ නිසා ඩ්‍රීම්ස්ටා වේදිකාව තුළ ඔවුනට විශාල ඉල්ලුමක් ඇතිවිය.

ඩ්‍රීම්ස්ටාර් වේදාකාවේ විවිධ වර්ගයේ සංගීත භාණ්ඩයන් ඇසුරු කරන කණ්ඩායම් සිටියත් ඒ හැමදෙනාම පාහේ දැඩි ලෙස කථාබහට ලක් කළේ මේ ත්‍රිමූර්තියයි.. මේ ත්‍රිමූර්තියෙනුත් වැඩිම කථාබහට ලක්වුණේ සදිසි ය. ඒ අවස්ථාව නිර්මාණය වූයේ අවිස්ක පෙරේරාගේ ගීතයකට පසුබිමේ සිට මැවූ රූ රටා මැවීම නිසාය.

“කළු චූටි කෙල්ල ස්වීට් මැණික මාගේ” නැමැති ගීතය ගැයීමේදී අයි ලව් යූ උම්මා යනුවෙන් ගැයූ කොටසින් ඇය අතිෂයින් ජනප්‍රිය විය. සඳුන් අමරසිංහ ගැයූ කොස් ඇට මුං ඇට බොන්න සුදා ගීතයට ද ඔවුන් ලබා දුන් දායකත්වය නිසා එම ජනප්‍රියත්වය තවත් වැඩි විය.

මෙහි කූඨප්‍රාප්තිය ලෙස මා දකින්නේ අම්බලන්තොට සිට තරගයට පැමිණි ක්‍රිෂාන්ත සමඟ ඇයි කලේ ආලේ නැමැති භාතිය සංතුෂ් ගැයූ ගීතයට සඳසි ක්‍රිෂාන්ත සමඟ එක්ව කළ රංගනයයි. ඉන්පසු ඇය පිළිබඳව වැඩියෙන් කථාබහ කරන්නට පටන් ගත්හ.

ත්‍රි මූර්තියෙන් වඩාත්ම කැපී පෙණුනේ සඳසි මෙත්මන්තිය. හාමනී ඉදිරිපත් කරන පිරිස ගැනත් ප්‍රසංග සංවිධායකයින් ඉදිරියේදී සලකා බලනවාට සැකයක් නොමැත.

රියැලිටි තරගයක් වුවත් කෙනෙකුට වාඩිවී රූපවාහිනී තිරය දෙස බලා සිටීමේදී එය අමතකවගොස් සුභාවිත ගීතයට පන පොවන සරල ගීත වැඩසටහනක සිරිය ඩ්‍රීම්ස්ටාර්වලින් ලැබේ. ස්තුතියි දෙරණ මෙම වැටසටහන මේ තරම් හොඳින් 11 වරටත් අඛණ්ඩව විකාශනය කිරීමට ලැබීම ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත යන්න වෙනුවට ලොවින් එකෙක් දෙක තුනකට සමත් යන්න රටට පෙන්වා දෙමින් රටට නව සංස්කෘතියක් හඳුන්වා දීමට දෙරණ ගන්නා උත්සාහය… අපි ඔබ සමඟයි.

රියැලිටි ඉතිහාසයේ දක්නට ලැබුණු චමත්කාරය ඉහවහා ගිය ඒ වගේම සුභාවිත ගීතයෙන් හදවත මේ තරම් ස්පර්ශ කරපු ගීත සමුච්චයක් රසිකයින්ට බෙදාහදා දුන්නාම දෙරණට ස්තුතියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan