ඊශ්‍රායලයෙන් කෘෂි කම්කරු රැකියා අවස්ථා 10,000ක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක මහතා අතර ගිවිසුමකට අත්සන් කර ඇති බව ඊශ්‍රායලයේ ව්‍යාපාරික ප්‍රවෘත්ති සේවයක් වන Globes වාර්තා කරයි.

එම ගිවිසුම අත්සන් කර ඇත්තේ, ශ්‍රී ලාංකික සේවකයන් 10,000ක් එරට ගොවිපලවල් සඳහා බඳවා ගැනීම සම්භන්ධවයි.

මෑතකදී කැබිනට් අනුමැතියෙන් කෘෂිකාර්මික අංශය සඳහා කම්කරුවන් 5,000 ක් ගෙන්වා ගැනීමට ඊශ්‍රායල සමාගම්වලට අවසර දුන් අතර, ඉන් පසුව මෙම ගිවිසුම අත්සන් තැබුණි.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික කර්මාන්තය සඳහා දැනට පවතින යුධ ගැටුම් අහිතකර ලෙස බලපා ඇති අතර, බොහෝ විදේශීය කෘෂිකාර්මික කම්කරුවන් ආරක්ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් රට හැර යන බවද වාර්තා වේ.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලාංකික කෘෂිකාර්මික සේවකයන්ගේ පළමු කණ්ඩායම ඉදිරි සති කිහිපය තුළ එරට රැකියා සඳහා පිටත් කර යැවීමට නියමිතය.

මේ වන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 4,500ක් පමණ සිටින අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගෘහ ආරක්ෂණ අංශයේ සේවය කරන බවද තොරතුරු සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...