විපක්ෂ නායකගෙන් කෝප් කමිටු සිදුවීම් රැසක් ගැන හෙලිදරව්වක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (16) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළ සිටියේ, පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ගේ පුත්‍රයා ද ඊට සහභාගි වී ඇති බවයි.

කෝප් කමිටුව තුළ තමා ගේ කට වසා ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළ අතර, එවැනි පසුබිමක රන්ජිත් බණ්ඩාර ගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේ ද යන්න ප්‍රශ්න කර සිටියේය.

තවද වහාම කෝප් කනමිටු සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් විය යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

එහිදී, තමා එවැන්නක් නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්, කෝප් කමිටුවට පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත් , ඊට පිළිතුරු ලබා දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේය.

https://fb.watch/olrQjQjIW8/

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...