දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/20

Date:

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමෙ හි දෙවන වන වාරිකය 2023 දෙසැම්බර් මාස අපේක්ෂා කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට සම්බන්ධ වී මේ වන විට මාස 18 ක් ගතවී ඇති මුත් මේ දක්වා එම අරමුදලෙන් ලැබී ඇත්තේ ඇ.ඩො. මිලියන 333 ක් පමණක් වන අතර කිසිදු ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවෙකුගෙන් ණය ලැබී නොමැත: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමට පෙර මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්ගෙන් ඇ.ඩො. මිලියන 4,950 ක් ලැබී තිබිණි.
  2. ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කොට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද පරිදි ඉහළ අධිකරණවලට පත්කිරීම් සිදු කිරීමේ දී හුදෙක් ජ්‍යෙෂ්ඨත්වය මත නොව කුසලතා සහ අඛණ්ඩතාව මත එය සිදුකළ යුතු බව නීතීඥ එකමුතුව අවධාරණය කරයි: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට එරෙහිව අධිකරණ නිලතල අවභාවිත කිරීමේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියි.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුව වැට් බදු නිදහස් කිරීම් රාශියක් ඉවත් කිරීමට රජය යෝජනා කරයි: මේ අතරට පොත්, සඟරා, ජර්නල සහ වාර සඟරා, පළතුරු බීජ, මහජන පුස්තකාල සේවා, ජංගම දුරකථන, පරිගණක සහ උපාංග, ඉදිකිරීම් කටයුතු, සහල් ඇඹරීම සහ කිරි සැකසුම් යන්ත්‍ර, අධි තාක්‍ෂණික වෛද්‍ය උපකරණ, සම් හෝ ගමන්මළු කර්මාන්ත සඳහා වූ යන්ත්‍රෝපකරණ, ටැක්සි මීටර, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ කොටස්, කුකුළු කර්මාන්තය සඳහා අයිතම සහ අමතර කොටස්, බලශක්ති ඉතිරිකිරීමේ බල්බ, මාධ්‍ය උපකරණ, යතුරුපැදි, ඇස් කණ්ණාඩි සහ රාමු සඳහා අමුද්‍රව්‍ය, විදුලි භාණ්ඩ, කිරි සහ සහල් නිෂ්පාදන, සීනි, ස්වර්ණාභරණ, මෘදුකාංග, සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ යන්ත්‍රෝපකරණ සහ උපාංග අයත් ය.
  4. 2023 වසරේ මේ වන විට නව බදු ගෙවන්නන් 200,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දැනුම් දෙයි: ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඉක්මනින් උත්ශ්‍රේණිගත කරන මෙන් ඉල්ලා සිටියි.
  5. පසුගිය මාස 10 තුළ දුම්රිය ගමන්වාර 45,000 ක් තරම් වූ අතිවිශාල සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර සාමාන්‍යයෙන් දිනකට නියමිත දුම්රිය ගමන් වාර 150 ක් අඛණ්ඩව අවලංගු කිරීම්වලට මුහුණ දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කරයි: මීට හේතුවී තිබෙන්නේ දෙපාර්තමේන්තුව තුළ පැණනැඟී ඇති ඇතැම් ගැටළු බව සඳහන් කරයි.
  6. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගෙවනු ලබන දිරි දීමනා රජය විසින් නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීමෙන් අනතුරුව පමණක් ගෙවිය යුතු බව භාණ්ඩාගාරය පවසයි: බදු එකතු කිරීම හමුවේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුනට දිරි දීමනා ලෙස රු. මිලියන 453ක් දක්වා ලැබිය යුතු බවට හිමිකම් කීම මත මෙම තීරණය ගෙන ඇත: රු. බිලියන 2,200 ක සංශෝධිත ආදායම් ඉලක්කයක් සමඟ එළඹෙන වසරේ නව බදු ලිපිගොනු 30,000 ක් විවෘත කරන ලෙස භාණ්ඩාගාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කරයි.
  7. ආර්ථිකය නඟාසිටුවීම සඳහා “හිතකර කොන්දේසි” මත රට තුළ ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඩයස්පෝරාව ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් රජය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විදේශගත ශ්‍රී ලංකා කටයුතු පිළිබඳ කාර්යාලය නමින් ඒකකයක් පිහිටුවා ඇති බව වාර්තා වේ.
  8. ඉකුත් ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ “ආර්ථිකයේ කැපී පෙනෙන දියුණුවක්” පවතින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්සුකි කොටාරෝ (Katsuki Kotaro) පවසයි: කෙසේවෙතත්, ශ්‍රී ලංකාව තුළ දැඩි සෘණ ආර්ථික වර්ධනයක්, උග්‍ර ජීවනෝපායන් අහිමි වීම්, විරැකියාවේ විශාල වැඩිවීමක්, දරාගත නොහැකි ජීවන වියදම් සහ කුසගිනි තත්ත්වයන්, දරිද්‍රතාවය සහ මන්දපෝෂණය සීඝ්‍රයෙන් ඉහළ යාම සමඟ සාර්ව මූලික වශයෙන් “සැලකිය යුතු පිරිහීමක්” දක්නට ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  9. ඉන්දියාවේ 122 වැනි ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී (Amateur Golf Championship) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම සිටින ගොල්ෆ් ක්‍රීඩකයකු වන 29 හැවිරිදි චානක පෙරේරා තරඟ වැදීමට නියමිත ය.
  10. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කළහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවනු ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩලය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීමට කටයුතුකළ යුතුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දැනුම් දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...