ක්‍රීඩා ඇමතිගෙ හෙට කතාව දේශපාලන පිම්මක් ගැනද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):නොවැම්බර් 27 වන දින පාර්ලිමේන්තුවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

ඒ ප්‍රකාශය ක්‍රීඩාව පමණක් නොව ඔහුගේ ඉදිරි දේශපාලන ගමනද පැහැදිළි කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.බොහෝ විට තමන් දරන අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ද එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා තීරණයක් ගනු ඇති බව සඳහන් වෙනවා.

කාලයක සිට සිය උපන් වෙලාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ නක්ශාස්ත්‍රකරුවෙකුගේ අදහසකට අනුව රාජයෝගයක් ගැන විශ්වාසයෙන් රටේ නායකත්වයට පත්වීමේ අදහසක් තිබෙන බවට තොරතුරු ඇති රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඒ සඳහා මුල පුරමින් හෙට නව දේශපාලන ගමනකට මුල පුරනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.තවත් අයෙකුගේ අදහසට අනුව ඔහු සමඟ පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල එකට පෙනී සිටි සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සමඟ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා එක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර රොෂාන් රණසිංහගේ ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස්වලට අනුව කටයුතු කළ ඔහු ඉතිහාසයේ කිසිඳු අමාත්‍යවරයෙකුට නොහැකි වූ පරිදි ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන,රගර්,පාපන්දු සහ ක්‍රිකට් යන ක්‍රීඩා තුනම සිය අමාත්‍ය ධූර කාලය තුළ තහනමට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග සිය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අමාත්‍යවරයා අයාලේ යැවූ බවට ඇතැම් අය චෝදනා කරන අතර තමන් පාසල් අවධියේ සුලෝහිත සංග්‍රාමයට සහභාගිවෙද්දී ප්‍රතිවාදී පිලේ සිටි ශම්මි සිල්වා වැන්නෙක් නොදන්නා බව කියන්නට තරම් වෛරී ආකාරයෙන් ක්‍රිකට් පරිපාලනය පෙරළා එහි තනතුරකට ඒමේ අපේක්ෂාවෙන් සිටින අර්ජුන,ක්‍රීඩා අමාත්‍යවරයාට පොවන ලද විෂ අමාත්‍යවරයාට පමණක් නොව සමස්ථ ක්‍රීඩාවටම හානිකර ලෙස බල පා තිබෙන බව ද සමහර පිරිස් පෙන්වා දෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...