දේශිය සන්නාමයක් වන Mack tile ජාත්‍යන්තර වෙළදපළට

Date:

ශ්‍රී ලාංකේය ටයිල් නිෂ්පාදන කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් Macksons Holdings සමූහ ව්‍යාපාරයේ Macksons Lanka සමාගම ලොව උසස්ම මට්ටමේ ටයිල් නිෂ්පාදන පෙළක් ජාත්‍යන්තර වෙළද පළට ඉදිරිපත් කිරීම මුල්කොට ගනිමින් Mack tile නමින් ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත දේශිය ටයිල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපළට හදුන්වාදීම වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සවයක් හා ප්‍රදර්ශනයක් පසුගියදා ( 24) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔදී පැවැත්විණි.

1970 වසරේ ආරම්භ කළ Macksons Holdings සමාගම මෙරට තුළ තීන්ත, ටයිල්, දේපළ වෙළදාම්, හෝටල්, වාහන, ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපාංග, යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර කටයුතු වල නිරත වන සමාගම් 18 කින් සැදුම්ලත් දේශීය ව්‍යාපාර ජාලයකි.

පසුගිය වසර 2 ඇතුළත ලැබූ සීඝ්‍ර ආයතනික දියුණුවත් සමග Macksons Lanka සමාගම දේශීය වෙළදපල වෙත තම සැපයුම් ධාරිතාව සම්පූර්ණ කර ඇති අතර 85% ක්ම දේශීය අමුද්‍රව්‍ය වලින් නිපදවන Mack tile ඉතාලියෙන් ආනයනය කරන විලීන ද්‍රව්‍ය හා ඔප දැමීම් වලින් යුක්ත වේ. මේ වන විටත් සෞදි අරාබිය, ඉන්දුනීසියාව, මාල දිවයින, නයිජීරියාව, කෙන්යාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන වෙළද පළවල් වෙත තම නිෂ්පාදන ව්‍යාප්ත කර ඇති අතර ඇමරිකාව හා ඔස්ට්‍රේලියා වෙළදපළ වෙත පිවිසීමට Mack tile සූදානමින් සිටියි.

2020 – 2022 කාලය තුළ රුපියල් බිලියන 16 ක් ආයෝජනය කරමින් තම නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇති Macksons Lanka සමාගම මෙරට විශාලම ටයිල් නිෂ්පාදකයා ද වෙයි. 2011 වසරේදී ආරම්භ කළ Macksons Lanka සමාගම සමාගම මේ වන විට දිවයින පුරා ප්‍රදර්ශනාගාර 30 ක් පවත්වාගෙන යන අතර ලබන වසරේදී තවත් ප්‍රදර්ශනාගාර 20 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

යුරෝපයේ නිෂ්පාදිත ඉහළ තත්වයේ ටයිල්වලට සමාන, තත්වයෙන් උසස්, ඉහළ කල් පැවැත්මක් සහිත, නිර්මාණශීලී ටයිල් ජාත්‍යන්තර වෙළදපළ වෙත ඉදිරිපත් කිරීම තම ආයතනයේ අරමුණ බව Macksons Holdings සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ Mizver Makeen මහතා මෙහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...