ඊශ්‍රායලයේ රැකියා දෙන බවට පවසන ව්‍යාජ පුද්ගලයින්ට ඔබත් රැවටුණාද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බවට පවසමින් ව්‍යාජ ලෙස පවත්වා විදේශ රැකියා ආයතනයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

විශේෂත්වය වන්නේ, අදාළ නියෝජිතායතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී ආයතනයක් වීමයි.

එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 135, පොලිස් වාර්තා, ජීව දත්ත පත්‍රිකා හා අත්සන් කර ඇති පොරොන්දු පත්‍රිකා ඇතුලු ලේඛන රැසක් ද එම නිළධාරීන් භාරයට ගෙන ඇති බවද සඳහන් වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සඳහන් කළේ, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා හිමිවන්නේ රජයන් දෙක අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින්, ඒ සඳහා බඳවා ගැනීම් සිදු කළ හැක්කේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් බවයි.

කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු පාර්ශ්වයකට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින ලෙසත්, එසේ රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය 011 2864241 අංකය ඔස්සේ දැනුවත් කරන ලෙසත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...