බ්‍රිතාන්‍යයේ රෝස කුසුම ඩයනාගේ ඇඳුම් වෙන්දේසියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අභාවප්‍රාප්ත ඩයනා කුමරිය බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ හිටපු බිරිය වන අතර, ඇයට අයත් රෝස පැහැති බ්ලවුසයක් සහ සැඳෑ කාලයේදී අඳිනු ලැබූ ගවොමක් වෙන්දේසිගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ස්හි දී එම ආයිත්තම් වෙන්දේසි කිරීමට නියමිත බව වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් අසූදහසේ සිට ලක්ෂය දක්වා වටිනාකමින් යුතු එම ආයිත්තම් ඩොලර් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා මිලකට අලෙවි වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වී ඇති අතර, වෙන්දේසියට තැබීමට සූදානම් කර ඇති ඇගේ රෝස පැහැති බ්ලවුසය 1981 වසරේ චාල්ස් සමඟ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී නිල ඡායාරූපයට පෙනී සිටීමට ඇය විසින් අඳිනු ලැබූ බවත් වාර්තා වේ.

ලොවපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...