බැඩ්මින්ටන් ජාතික සූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් ගැන කියූ කතා වෙනස් වෙලා.

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියන් ට සහභාගි වෙමින් දක්වන දක්ෂතා ද සැළකිල්ලට ගෙන එහිදී උපයන ලකුණු ද එකතු කර නව ජාතික ශ්‍රේණිගත් කිරීම් සකස් කර ඇති බව 71 වන බැඩිමින්ටන් ජාතික සූරතාවලිය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා බැඩිමින්ටන් උප සභාපතිවරයෙක් වන රොෂාන් ප්‍රනාන්දු මාධ්‍යයට ප්‍රකාශ කළ ද,මේ වන විට එහි තරග කාල සටහන නිරීක්ෂණයේදි යම් වෙනස්කමක් සිදු වී ඇති බව පෙනෙනවා.රොෂාන් පැවසූ ආකාරයට මේ මොහොතේ ජාතික ශ්‍රේණිගත කිරීමවල පළමු තැන සිටිය යුත්තේ විරේන් නෙත්තසිංහ සහ රනුදි ලියනගේ වුව ද නිකුත් කර ඇති තරග කාල සටහනේ වෙනසක් දකින්නට තිබෙනවා.


රටට ජාත්‍යන්තර වශයෙන් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයාට පළමු තැන හිමි විය යුතු අතර,රටේ පවත්නා තරග ඇසුරෙන් ඒ තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් රට ලෝකයට රැඟෙන යන්න ක්‍රීඩකයන්ට සිඳුවන අපහසුව පිළිබඳව අප ද අදහස් දක්වමින් රොෂාන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය අනුමත කරන්නට යෙදිණ.නමුත් නැවතත් කුමන හෝ සම්ප්‍රදායික මෙහෙයුමකින් එම තත්ත්වය වෙනස් වී තිබෙන බව දකින්නට ලැබීම කණගාටුවට කරුණකි.එය නිසි දක්ෂයා සම්බන්ධයෙන් ජාතික තලයෙන් අවධානය නොදීමක් යන්න අපේ අදහසය.
විශාල ත්‍යාග මුදලක් ද සහිතව,ජාත්‍යන්තර වශයෙන් වැඩි අවස්ථාවක් අනාගත බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ට හිමි කර දෙමින් බැඩිමින්ටන් පරිපාලනය එක අතකින් නිර්මාණය කරන්නට උත්සාහ දරණ සුබවාදී බැඩ්මින්ටන් අනාගතය වෙත මෙවැනි සම්ප්‍රදායන් නැවත ඇතුල් කරන්නට කිසිවෙකු හෝ සිය බලය යොදා ගැනීම ගැන අපට ඇත්තේ කණගාටුවකි.තරග කාල සටහනේ පෙළ ගැස්ම තුළ ඉදිරියට යාම සඳහා අතිශයින්ම එම තරග කාල සටහනේ තමන්ට හිමිවන ශ්‍රේණිගත කිරීමේ ස්ථානයේ ද වැදගත්කමක් තිබෙන බව අපේ විශ්වාසය වන්නේය.


පහතින් අදාල ශ්‍රේණිගත කිරීම් සියල්ල දැක ගැනීමට අවශ්‍යය සැබෑඳිය දක්වන අතර මේ වන විට පිරිමි අංශයේ ශ්‍රේණිගත කිරීම් හී අංක එක ලෙස තරගාවලියට ඇතුළත් වී සිටින්නේ ලෝචන ඔෂාන් ද සිල්වා යි.කාන්තා තරග අංශයේ ඉදිරි අගය හිමි වී ඇත්තේ වරංගනා හිමසරණි ජයවර්ධධන ය.හංස සඳරුවන් ද සිල්වා සහ යොහාන් බණ්ඩාර වීරසූරිය පිරිමි යුගල අංශයේ අංක එක ලෙස නම් කර ඇත.අනුුරංගි හංසමාලි මාස්කෝරාල සහ සුහානි විදානගේ කාන්තා යුගල අංශයේ අංක එකේ ක්‍රීඩිකා යුගලය ලෙස නම් කර ඇත.මිශ්‍ර යුගල තරග අංශයේදී එම අවස්ථාව හිමි වී ඇත්තේ ලෝචන ඔෂාන් ද සිල්වාට සම නදීශා ගයන්තටය.
තරග කාල සටහන
https://www.tournamentsoftware.com/sport/draws.aspx?id=12e87736-e02e-47ed-8e16-ca3ad3a76e18

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...