ඉම්රාන් ඛාන් නව අපේක්ෂකයකු හරහා මැතිවරණයට

Date:

දැනට සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ලබන වසරේ මැතිවරණයට තරඟ කිරීම අනපේක්ෂිත බැවින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයෙන් ඛාන් වෙනුවට මැතිවරණයට ඉදිරිපත් වීමට ඛාන්ගේ නීතීඥයෙකු වන ගොහාර් අලි ඛාන් නව සභාපති වශයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයෙන් ගොහාර් අලි ඛාන් පෙබරවාරි 8 ට නියමිත ජාතික ඡන්දයට සහභාගී වීමට නියමිතය.

1996 දේශපාලනයට සම්බන්ධ වන සුපිරි ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන් 2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් අගමැති ධුරයෙන් ඉවත් කරන ලදී. ඉන් අනතුරුව මැතිවරණයක් ඉල්ලා ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි)පක්ෂය සමඟ රට පුරා උද්ඝෝෂණ පවත්වන ලද ඉම්රාන් ඛාන් 2018 සිට 2022 දක්වා බලයේ සිටියදී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවද ඇප ලබා ගැනීමට සමත් වූ මුත්, ඔහු තම පක්ෂයේ උප සභාපති ෂා මහමුද් කුරේෂි සමඟ නිල රහස් නඩුවක් සම්බන්ධයෙන් සිරගත කරන ලදී.

මෙලෙස ඉම්රාන් ඛාන්ට විරුද්ධව නඩු 150ක් පමණ පවතිනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර හිටපු අගමැතිවරයා සඳහ කර තිබුණේ, මේ සියල්ල දේශපාලනික පළිගැනීම් වන බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...