ජපන් රජයෙන් ඇ. ඩො. මි. 2.5 ක වාහන පරිත්‍යාගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (05) දින උදෑසන , ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. ඒ ජල හා මුදවා ගැනීම් පරිශ්‍රයේ දී පැවති උත්සවයකදීය.

මෙම වාහන තොගය අතර, අති නවීන උපාංග සහ ඉහළ ධාරිතාවයෙන් යුතු බෝට්ටුවක් , ගිනි හා මුදවා ගැනීමේ රථ දෙකක් , පෙර ගමන් රථයක් , කැබ් රථ දෙකක් ද විය .

මෙම බෝට්ටුව අශ්ව බල 100 සහ අශ්ව බල 25 ඇංජින් දෙකකින් බල ගැන්වෙන අතර එම බෝට්ටුවෙහි ජී.පී.එස් තාක්ෂණය ඇතුළු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත වී තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය කෙළවර මීගමුව කළපුව සහ ඉන් එහා ඉන්දීය සාගරය පවතින බැවින් හදිසි අවස්ථාවකදී ගුවන් යානා අනතුරක් සිදු වී ගුවන් යානයක් , ඒවා මතට කඩා වැටුනහොත් එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බේරා ගැනීම සදහා බෝට්ටු සේවාවක් සූදානම් කර තැබිය යුතු බවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මගින් නිර්දේශ කර තිබේ.

එහෙත් මෙම අති නවීනතම බෝට්ටුව , ජාතික අවශ්‍යතාව සළකා බලා ගුවන් තොටුපොළ විසින් , විදේශයන් ගෙන් රට තුළට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.

ඒ වෙනුවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සතුව තිබූ වෙනත් බෝට්ටුවක් ගුවන් තොටුපොළ වෙත පරිත්‍යාග කිරීම ද මෙම අවස්ථාවේ සිදු විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...

හම්බන්තොට වාරයේ ටෙන්ඩර් වංචාවක් ගැන හිටපු ඇමති රෝහිතගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග!

කොළඹ LNW:ටෙන්ඩර කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ කඩා ඉවත් කළ...

තණමල්විල කංසා වගාවක් වටලයි:සැකකරුවකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : තණමල්විල ආනන්දපුර ප්‍රදේශයේ අක්කර...