මියන්මාරයෙන් අබිං වාර්තාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ විශාලතම අබිං නිෂ්පාදකයා වන අතර ඇෆ්ගනිස්ථානය අභිබවා යමින් මේ වන විට මියන්මාරය වාර්තාවක් තැබීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වසරේ මියන්මාරයේ අබිං නිෂ්පාදනය ටොන් 1,080 දක්වා 36% කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඇෆ්ගනිස්ථානය විසින් නිෂ්පාදනය කර ඇත්තේ අබිං ටොන් 330ක් පමණයි.

පසුගිය වසරේ පාලක තලේබාන් සංවිධානය විසින් මත්ද්‍රව්‍ය තහනම් කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ පොපි වගාව 95% කින් පහත වැටි ඇත .

පොපි ශාකය මගින් Papaver somniferum වූ ප්‍රබල මත්ද්‍රව්‍යයක් වන අබිං නිෂ්පාදනය කරන අතර , එහි මෝෆීන්, කෝඩීන්, හෙරොයින් සහ ඔක්සිකෝඩෝන් ඇතුළත් වන බව සඳහන් වේ.

කෙසේවෙතත් කුරිරු සිවිල් යුද්ධයක් පැවති මියන්මාරයේ වගාව ව්‍යාප්ත වී ඇති අතර එය මේ වනවිට එරට ලාභදායී ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත .

United Nations Office for Drugs and Crime වැඩිදුරටත් සඳහන් කරන්නේ, 2021 පෙබරවාරියේ මිලිටරි අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික, ආරක්ෂාව සහ පාලන කඩාකප්පල් කිරීම් දුර බැහැර ප්‍රදේශවල ගොවීන් ජීවත්වීම සඳහා අබිං නිෂ්පාදනයට යොමුවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...