ශිෂ්ටත්වය හඳුනන්නෙ නැතිව අතරමං වුණ ජන සමාජයකට ….

Date:

අමෙරිකාවේ ආන්තික ප්‍රජාවක් වූ කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල පොලිස් බටයෙකු විසින් මිරිකා මරාදැමීමට එරෙහිව එදා ඇමරිකානු ජනතාව විතරක් නෙමේ මුළු බටහිර යුරෝපයම නැගිට්ටා.. හැබැයි අපේ රටේ පීඩිත ජනවර්ගයකට අයත් මිනිසෙකුට මෙහෙම අපරාධයක් උනොත් අපේ මහ ජනවර්ගය හන්දිගානේ කිරිබත් කන්ට පටන් ගන්නවා.. අන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස…

මේ වීඩියෝවේ විදියට මේ පොලිස් නිලධාරීන් ලාඩං ගහන්ට කුදලන හරකෙක්ව වගේ බිම පෙරලගෙන ලනු වලින් ඔතන්නේ, බෙල්ල මිරිකන්නේ මේ රටේ මනුෂ්‍ය පුරවැසියෙක්ගේ..

මේක ශිෂ්ට නීතිය උල්ලංඝනය කරන ම්ලේච්ඡත්වයක්..

හැබැයි මේ සිද්දියට කොමෙන්ට් වලින් විරෝධය දක්වන මිනිස්සුන්ට වඩා ඉන්නේ කුඩ්ඩො අල්ලන්ට මීට වඩා හොඳ විදියක් තියෙනවද අහන මිනිස්සු ..

මෙතනදි අපි කොහොමද දන්නේ වින්දිතයා කුඩ්ඩෙක්ද නැද්ද කියලා.. අනිත් එක කුඩ්ඩෙක්ම උනත් කුඩ්ඩන්ට අනික් මිනිස්සුන්ට අයිති අයිතිවාසිකම් හිමි නැද්ද..? එතකොට කුඩ්ඩෙකුට මොන මල ඉලව්වුව කලත් ගැටලුවක් නැද්ද.. ?

එතකොට මෙතන අශිෂ්ඨ කුඩ්ඩා විතරද, මේ කෘර විදියට නීතිය අතට ගත් නිලධාරීන් අශිෂ්ඨ නැද්ද, මේ කෘරත්වයන් අනුමත කරන, අහක බලාගෙන යන, ඒවට උඩගෙඩි දෙන මිනිස්සු ශිෂ්ටද… ?

ශිෂ්ටත්වය හඳුනන්නෙ නැතිව අතරමං උන ජනසමාජයකට ශිෂ්ටත්වය හොයාගන්න එක ලේසිපහසු වැඩක් නෙමේ මොකද ඔවුන් අශිෂ්ටත්වයට විකල්පය විදියට හොයාගන්නෙත් තවත් අශිෂ්ටත්වයක්මයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...