ශ්‍රීලනිපය දෙගිඩියාවෙන්. වාසුත් ඇමතිකම අත්හරීද ?

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක් විසින් පෙරේදා පැවැත්වූ “මුළු රටම හරි මගට” සමුළුවේ මූලිකත්වය දැරූ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා අතරින් ඉවත් කර නැත්තේ වාසුදේව නානායක්කාර මහතා පමණි. එමෙන්ම වාසුදේව මහතා විමල් හා ගම්මන්පිල සමග යුගදනවි ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ අමාත්‍යවරයෙකු ද වෙයි.

මේ අතර ඉහත කී සිදුවීමටම අදාළව තමන් ද අමාත්‍ය ධුර අත්හැරිය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් ඉදිරිපත්ව ඇතත් ඊට එකඟතාවක් හිමිව නොමැති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. විශේෂයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට දැඩි විරෝධය පළ කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 නායකයින් අද (04) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...