ශ්‍රීලනිපය දෙගිඩියාවෙන්. වාසුත් ඇමතිකම අත්හරීද ?

Date:

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක් විසින් පෙරේදා පැවැත්වූ “මුළු රටම හරි මගට” සමුළුවේ මූලිකත්වය දැරූ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා අතරින් ඉවත් කර නැත්තේ වාසුදේව නානායක්කාර මහතා පමණි. එමෙන්ම වාසුදේව මහතා විමල් හා ගම්මන්පිල සමග යුගදනවි ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ අමාත්‍යවරයෙකු ද වෙයි.

මේ අතර ඉහත කී සිදුවීමටම අදාළව තමන් ද අමාත්‍ය ධුර අත්හැරිය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් ඉදිරිපත්ව ඇතත් ඊට එකඟතාවක් හිමිව නොමැති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. විශේෂයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට දැඩි විරෝධය පළ කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 නායකයින් අද (04) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...